මන්ත‍්‍රීන්ට අලුත් වාහන ගෙන්වීම අත්හිටුවයි… ආර්ථික තත්වය අවුල්ලු…

May 24, 2021 at 8:24 pm | lanka C news
මන්ත‍්‍රීන්ට අලුත් වාහන ගෙන්වීම අත්හිටුවයි… ආර්ථික තත්වය අවුල්ලු…

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු ක‍ර මින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

35,235 views

32 Comments to “මන්ත‍්‍රීන්ට අලුත් වාහන ගෙන්වීම අත්හිටුවයි… ආර්ථික තත්වය අවුල්ලු…”

  1. KG says:

    AKD ahuwenaththan hora wage gennala..cheena nikan beduwa wage innawa mun..patta paduru horu..eda idalama

  2. saman says:

    මේවා බොරු දැනටමත් ගෙන්වන්න ඔක්කොම කරලා තියෙන්නේ. මී හරක් ටික රවට්ටන්න මෙහෙම කියනවා. මී හරක් සෙට් එක රට ජාතිය කියන වචන දෙක අල්ල ගෙන තප්පුලනවා.

  3. Funeral Director says:

    වැඩෙි නෝන්ඩි උනාම ඒක කැන්සල්ලු. එතකොට වීරත්වය හා ජාතික කැක්කුම. අනේ මෙහෙම නාඩගමි.

Main News