මන්ත්රීන්ට අඩුම ලක්ෂයකින්වත් තවත් පඩි වැඩි කරන්න ඕනෑ.. ඔවුන් දෛනික කටයුතු අමාරුයි…
November 19, 2016 at 3:50 pm | lanka C news
අද වන විට පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලැබෙන මාසික වැටුපෙන් ඔවුන්ගේ දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.
එනිසා සියළුම මන්ත්රිවරුනට තවත් රුපියල් ලක්ෂයක හෝ මාසික දීමනාවක් ලබා දිය යුතු යයිද ඔහු සදහන් කලේය.
මේ වන විටත් ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට මාසික වැටුප් හා දීමනාවලට අමතරව රුපියල් ලක්ෂ දෙකක් ලබා දෙන අතර තවත් ලක්ස හතක කුලී පදනමින් වාහනයක් ලබා දීමද අනුමත කර ඇත.