මන්ත‍්‍රීනියක් මුතුරාජවෙල අක්කර තුනක් ගොඩ කරයි…

September 17, 2021 at 3:50 pm | lanka C news
මන්ත‍්‍රීනියක් මුතුරාජවෙල අක්කර තුනක් ගොඩ කරයි…

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට යාබදව ඇති ජාඇල ඉදිරිවිටිය ප්‍රදේශයේ මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ අයත් අක්කර තුනක පමණ කුඹුරු ඉඩමක් ගොඩ කිරීමක් ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් සහ වනජීවී දෙපාර්තමේන්තුව විසින් වැටලීමක් සිදු කර එම ගොඩ කිරීම අත්හිටුවා තිබේ.

ඉඩම ගොඩ කිරීම සඳහා යොදාගෙන තිබූ යන්ත්‍ර සූත්‍ර ද සිය භාරයට ගෙන පසුව මුදා හැර තිබේ.

අදාල ගොඩකිරීම සිදුවීමට සම්බන්ධ වී ඇත්තේ ජාඇල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.

ඇය සඳහන් කරන්නේ තමනට අයත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතිය වගකිවයුතු ආයතන කිහිපයකින් ලබාගෙන ඇතත් අතපසු වීමක් හේතුවෙන් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පමණක් අනුමැතිය ලබා ගැනීමට නොහැකි වූ බවයි. එම අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවද ඇය සඳහන් කළාය.

තම ඉඩමට මායිම්ව පිහිටි ඉඩමේ තවත් නගර සභා මන්ත්‍රීවරයෙකු විසින් ස්ථිර නිවාස කිහිපයක් ගොඩනගා ඇති බව ද ඇය පැවසුවාය.

38,725 views

11 Comments to “මන්ත‍්‍රීනියක් මුතුරාජවෙල අක්කර තුනක් ගොඩ කරයි…”

  1. බිංකුණ්ඩා says:

    ඔය පැත්තේ පර්චස් එකක් ලක්ෂ 10 – 12 ක් වෙනවා

    • LalithM says:

      ඕවට විරුද්ධ වෙන්ඩ අර ලෝගු සෙට් එක එන්නේ නෑ. මොකද ඒ කාන්තාව කතෝලික. ගොඩ කරල ඔතන ඌරුකොටුවක් දාපුවාම ඒක බෙන්සාරු කරන්ඩ ඔය ලෝගු සෙට් එක එනවා .රජයේ සංවර්ධන වැඩකට ගත්තොත් තමා ගේම ඉ ල්ලන්නේ

  2. ගෞම් ඊයාරාජ් says:

    ඔල්මාද බඩුනේ බන් මොනා කරන්නද ඉතින් ! අර ඇමසෝන් වනාන්තරය දිවෙන , බ්‍රසිලය , බොලිවියාව , පේරූ , ඉක්වදෝරය හො සුරිනාමයට තානාපති කරලො ඇරියොත් නරකද මෙතුමියව , එහෙ ගස් ටිකටත් ශොට් එක දෙනත් එක්ක කියලා ? රැල්ලක් ගෙනියමුද උම්මාද ගොං බෛයනේ ? මොකො කියන්නේ ?

  3. Opa-dupa says:

    කටුනායක අධි වේගී මාර්ගයෙ යන අයට පේනවා තැන් හතරක් විතර පුරවනව. දැන් හරි දැකපු එක ලොකු දෙයක් .

  4. බයියාට රෙද්දක් ජාතික පෙරමුණ says:

    කවුද බොලේ මේ ඇලිස් ? අපි දන්න කෙනෙක් ද ?

  5. Kapila says:

    මම ඉන්නෙ ඉදිවිටියෙ.මේ මන්ත්‍රීවරියවත් මම දන්නව.ඇය ඇත්තටම ප්‍රදේශයට විශාල සේවයක් කරන කෙනෙක් දේශපාලන පක්ශයකින් තොරව.ඇය විතරක් නෙමේ පුලුවන් හැමෝම මේ පැත්තෙ මේ වැඩේ කරනව.ලන්කාවෙ නීතිය වැනෙන නිසා මේවා නවත්තන්න අමරුයි.

    • අරුණ says:

      මෙතුමියත් එක්කෙනෙක් විතරයි, සබාවේ ඔය පැත්තේ ඉන්න අය ගේ වටේට වගුර පුරෝනවා අපුරුවට, ගං වතුර අපුවාමත් එයලට අතල්නේ, දුප්පත් සෙට් එක තමා දුක් විදින්නේ,

  6. RS Bandara says:

    මුතුරාජවෙල පරිසර පද්ධතිය විනාශ කිරීමේ කටයුතු අද ඊයේ සිදු වූවක් නොව එය මීට වසර තිහ හතළිහකට පෙර සිටම සිදුවන්නකි මේ පිටුපස සිටින්නේ කතෝලික ආගමනය යි මේ පරිසර පද්ධතිය තුළ අග වන විට කතෝලික ගම්මාන ඉදිවෙමින් පවතී එයයි ඇත්ත තත්ත්වය

  7. RS Bandara says:

    මුතුරාජවෙල පරිසර පද්ධතිය විනාශ කිරීම සහ අනවසර ඉන් මෙම ජෛව විවිධත්වයකින් යුතු පරිසරය ගොඩකර ජනාවාස ඉදිකිරීම ආරම්භ වූයේ මීට වසර තිහ හතළිහකට පෙර එය කතෝලික ගම්මාන බිහි කිරීමේ අරමුණින් වටිනා පරිසර පද්ධතිය අද වන විට අනවසර කතෝලික ගම්මානවලින් පිරී ගොස් ඇත එයයි ඇත්ත තත්ත්වය

  8. Athula says:

    පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකරන්න කියනවනේ මේ පක්ෂදෙකේ මොකා වැඩි කලත් වෙන්නෙ එකම දේ තක්කඩි කම වංචාව දුෂණය හදන්න ඕනෙ උන්ගේ පක්ෂය ඔය ඕකෙ ඉන්න ගෑනු එන්නෙත් පිරිමි කල ජඩකම් කරන්න බලාගෙනම තමයි මුන්ට රටක වටිනා කම තඹ තොයිතුවකට මායිම් නොකරන උන්ගේ මඩිය තර කරගන්න එන හොර හැත්ත

Main News