මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

December 7, 2020 at 10:40 am | lanka C news
මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් අලුත්ගම ,බේරුවල, පයාගල පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් දින පහ තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා (06) පැවසීය.

බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලිසියේ කොවිඩ් 19 වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ නිලන්ත මහතා පැවසීය.

එම මන්ත්‍රීවරයා සිය බිරිඳගේ නිවෙස පිහිටි බේරුවල අරාබි පාරේ මේ වන විට පදිංචිව සිටින අයෙකු බව කියයි.

මෙලෙස හමුවූ ආසාදිතයන් දර්ගානගරය ,චීන කොටුව ,මරදාන, මග්ගොන හා බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා පැවසීය.

මේ වන විට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු බව හෙතෙම පැවසීය.

– තුසිත කුමාර ද සිල්වා .

10,201 views

6 Comments to “මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..”

  1. කැප්පෙටිපොළ says:

    කය ලෙඩ වුනාට හිත ලෙඩ කර ගන්න එපා
    සිත ලෙඩ නැති විට කය ලෙඩ වන්න එපා
    කය ලෙඩ සිත ලෙඩ නැති විට කොරෝනා එන්න එපා
    කොරෝනා ආවත් වැඩි වෙලා ඉන්න එපා

    නුඹට බහ දුන්නෙ වැඩි දුර යන්න නෙවෙයි
    කෘර කමට මම බෙහෙත් ගත්ත නෙවෙයි
    කපටි කමට නුඹ මා ඩැහගත්තා නෙවෙයි
    සිත බැදුනේ නගාට මම ආලය හින්දා නෙවෙයි

    මට හිතුනා කම් සැප විදින්න ඒ හින්දා නගේ
    නුඹ නැ දන්නෙ මගෙ නෙක්ඛම්මය හොදහැටි නගේ
    කපටි කමට කෘර කම එක්කහු වුන නිසා නුඹගේ නගේ
    මම වෙමි නුඹගේ ස්වාමියා ගිහි ජිවිතය ගෙවන තුරු නගේ

    සිංහල කමට නුඹ හැදුනා නෙවෙයි නගේ
    ඉංග්‍රිසි කමට නුඹ හැදුනා නෙවෙයි නගේ
    මොනවා හරි අඩුවක් හැගෙයි නගේ
    මා ඉන්නෙ නුඹ රැකිමටයි නගේ

  2. Local Traditional Medicine system can cure Dengu and Covid 19 within 3 days Please implement and save Sri Lankans and improve the economy or otherwise UNP, JVP, NGO, LTTE will come to power.

  3. අජානීය ඉස්කූටර් says:

    // බේරුවල අරාබි පාරේ // සවුදි යන්න කටුනායක එයාර්පෝර්ට් එකට යන්න ඕනෑ නෑ… බේරුවලට ගියාම හරි..

  4. Krishan Senarath says:

    ශ්‍රීලංකා රේගුවේ කොරෝනා රැල්ලක් යනවා එහි නිලධාරීන් ඇතුළු සේවය කරන සුළු හා පවිත්‍රතා නිලධාරීන් රැසකට කොරෝනා පොසිටිව් වි ඇති බවට වාර්තා උනත් ඒ බව rata.lk හි කොටසක් වාර්තා කල අතර ලංකාවේ ප්‍රසිද්ධ බහුතරයක් බලන කිසිදු මාධ්‍යයක වාර්තා කල නැත දැනට කොරෝනා අසාදිතයින් 20 කට වැඩි ප්‍රමාණයක් සිට්න බවට සේවකයින් පවසනවා එහි සියළු නිලධාරීන් ගෙන්වා සේවයේ නිරත කරවිමට පාලනධිකාරිය කටයුතු කරතිබේ