මන්ත‍්‍රීවරුනට මාලිගා.. ඡන්ද දායකයන්ට වැසිකිලි පෝච්චි.. රට පස්සට.. අනාගතය අදුරුයි..

July 15, 2019 at 8:02 am | lanka C news
මන්ත‍්‍රීවරුනට මාලිගා.. ඡන්ද දායකයන්ට වැසිකිලි පෝච්චි.. රට පස්සට.. අනාගතය අදුරුයි..

රට තුල දෙමුහුම් රජයක් පවතින නිසා රට ආපස්සට ගොස් රටේ තරුණ පරපුරගේ අනාගතය අදුරු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සිබි රත්නායක මහතා පැවසිය.

සි බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසන බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන බිටාස් සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බල මණ්ඩල රැස්විම අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි  බි රත්නායක මහතා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්ද ඉල්ලු විශාල පිරිසක් මේ වන විට එම පක්ෂයෙන් නෙරපා දමා ඇති බවයි.

ජනාධිපති මැතිවරණයක් ලගදි පැවැත්වෙන නිසා ඇතැම් පිරිසක් මේ රට තුල ජාතිවාදය සහ ආගම්වාදය පතුරවමින් සිටින බවයි.

මහජන ඡන්ද වරමෙන්  පාර්ලිමේන්තුවට යන ඇතැම් මන්ත්‍රිවරුන් මාලිගා තනන විට ඡන්ද  දායකයාට වැසිකිලි පොච්චිය පමණක් ලබාදෙන දේශපාලනයක් රට තුල පවතින බව සි බි රත්නායක මහතා කියා සිටියි.

මාතෘ භුමිය රැකගෙන ජාත්‍යන්තරය දිනා ගැනිමට හැකි නායකයෙක් ඉදිරියේදි මේ රට තුල පත් කර ගන්නාලෙස සි බි රත්නායක මන්ත්‍රිවරයා ඉල්ලා සිටි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය අසානයේ බල මණ්ඩල රැස්විම අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති  ජයසංඛ පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබු අතර එම බල මණ්ඩල රැස්විමට මස්කෙලිය ආසනයේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගි විය.

20 views

One Comment to “මන්ත‍්‍රීවරුනට මාලිගා.. ඡන්ද දායකයන්ට වැසිකිලි පෝච්චි.. රට පස්සට.. අනාගතය අදුරුයි..”

  1. HENA says:

    මහජන ඡන්ද වරමෙන් පාර්ලිමේන්තුවට යන ඇතැම් මන්ත්‍රිවරුන් මාලිගා තනන විට ඡන්ද දායකයාට වැසිකිලි පොච්චිය පමණක් ලබාදෙන දේශපාලනයක් රට තුල පවතින බව සි බි රත්නායක මහතා කියා සිටියි.

    moka awath ekai…umbala awath ekai…

    delloloma ekathuwela kanawa…

Main News