මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක්.. යෝජනාව අගමැතිගෙන්…

September 13, 2021 at 10:40 am | lanka C news
මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක්.. යෝජනාව අගමැතිගෙන්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වෙන්නේ වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස පිහිටි භූමියේම තවත් නිවාස 200ක් ඉදිකිරීමටත් ය.

නමුත් එම ව්‍යාපෘති සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ ලබා දී නැති නිසා යෝජනාව සංශෝධනය කරන්න නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

නිර්දේශ ලබා ගැනීමෙන් පසු නව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින්ද නිර්දේශ කර ඇත.

34,349 views

40 Comments to “මන්ත‍්‍රීවරුන්ට නිවාස 200ක්.. යෝජනාව අගමැතිගෙන්…”

  1. Amda says:

    ආර්ථිකය පන අදිනවලු..හාල්පාරුවන්ට ගෙවල්. ඇයි උන් ඉන්න තැනක් නැතුව පාරෙද ඉන්නෙ???

    දැන් නම් පේන්නෙ ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරන්නේ විරුද්ධ වාදීන් පමනක්ම නොවේ …එතුමාගේ නම කෑවොත් ඉතින් රාජපක්ශ පරපුර ඔතනින්ම ඉවරයි ඈ….. ඔටුන්න හිමි කුමාරයට හම්බන්තොටින් මෙහාට එන්න වෙන්නෙ නැතිවෙයි

Main News