මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රමුඛතාව දක්වා කොරෝනා එන්නත ලබා දිය යුතුයි..- කතානායක

February 2, 2021 at 1:20 pm | lanka C news
මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රමුඛතාව දක්වා කොරෝනා එන්නත ලබා දිය යුතුයි..- කතානායක

කොරෝනා මර්ධන එන්නද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ද ලබාදීමට සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම තම වගකීමක් බවද ඔහු පවසයි.

මන්ත්‍රීවරුන් ජනතාව සමඟ නිතර ගැටෙන නිසා මන්ත්‍රීවරුන්ටද ප්‍රමුඛත්වය දක්වා එන්නත ලබාදීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද එය වැදගත් වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ දින එන්නත් ලබාගෙන ඇති බවයි.

14,546 views
Main News