මන්ත‍්‍රීවරුන් PCR නොකර සැගවෙති.. PCR කරන්නැයි කතානායක අයදියි… පාර්ලිමේන්තුව අටළුගම වගේ වෙයි..

January 27, 2021 at 12:02 am | lanka C news
මන්ත‍්‍රීවරුන් PCR නොකර සැගවෙති.. PCR කරන්නැයි කතානායක අයදියි… පාර්ලිමේන්තුව අටළුගම වගේ වෙයි..

කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනකු හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරිමට තීරණය කරන ලදි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි අද (26) වන විට පාර්ලිමේන්තු පොකුරෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම කරුණ හේතුවෙන් කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ කරගනිමින් වයිරසය පැතිර යාම හැකි තරම් පාලනය කරගන්නා ලෙසයි. එහෙත් නියමිත ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා පහළ මට්ටමක පවතින බවයි.

වයිරසය අසාදනය වූ මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි දැනටමත් බියවී සිටින බවද වාර්තා වේ.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට
කතානායකවරයා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. වයිරසයේ පැතිරීම පාලනය කරගන්නා තුරු අනෙකුත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සියල්ලම සීමා කර ඇත.

කතානායකවරයාද මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාම සීමා කර ඇති අතර පොදු කටයුතුවලට සහභාගී නොවන මෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. කොරෝන වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ සතියට දින දෙකක් පමණි.

ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබිණ. එහෙත් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් සිටිති.

– lankadeepa

16,386 views

10 Comments to “මන්ත‍්‍රීවරුන් PCR නොකර සැගවෙති.. PCR කරන්නැයි කතානායක අයදියි… පාර්ලිමේන්තුව අටළුගම වගේ වෙයි..”

  1. 😅😅😅😅😅😅 says:

    එංගලන්තයේ පොලිස් කාරයෝ 30 ක් කොරෝනාව නිසා රටම වසා තියෙන මොහොතක පොලිස්ථානයටම බාබර්ව ගෙන්නලා කොන්ඩය කප්පව ගත්ත නිසා නීතිය කැඩුවට එක පොලිස්කාරයකුට ගෙවන්න නියම වූ දඩය රු 50,000 කි!
    ඒකට අපේ රටේ …. ගහයි සැලූට්..!

  2. යූරීන් says:

    යූරීන් තුමාට කොවිඩ් කියලා ඉරාජ් කිවුව නම්, යූරීන් තුමා ෆේස්බුක් එකේ පෙන්නන්න ගමන්ම PCR එක කරයි.

  3. වන්නියා says:

    ෂෝක් අනේ , ආසාවෙ බෑ . ඔන්න ඔහොම තමයි ඉන්නෝනෙ . ආදුරුසෙ , ආදුරුසෙ !

  4. බූරු පුතාණෝ සජියා says:

    මහ ජනතාව නියෝජනය කරන්නේ මොවුන් 225 නිසා ඔවුන්ගේ හැසිරීම මහ ජනතාවගේ හැසිරීම පෙන්නව අහඹු නියැදියක් කියල කියන්න පුළුවන්.

  5. kawinda says:

    Covid 19 virus eka nidangatha roga ethi ayata maranaya gena aawatha Aids roginta ehema balapemak nehe neda.? ehenan…?

  6. Sam says:

    වැටත් නියරත් ගොයම් කානම්……

  7. Alapaluwa says:

    ඇයි උපන් හපන්කම් ඇති දේශීය වෛද්‍යවරයකු ඉද්දිත් තවත් බලාගෙන ඉන්නෙ? පැරණි ඉසිවර පරම්පරාවකින් පැවත එන ධම්මික වෙද මහතාට මෙහි වගකීම භාරදෙන්න. රජයේ සියල්ලෝම ඇයි දැන් ඔහුව නොසලකා හරින්නෙ? ඔබලා ඔහුගෙන් නියමිත ප්‍රයෝජනය ගන්න. 69 ලක්ෂයට පැනිය දීල ඉතිරියට එන්නත් කලානම් විදේශ විනිමයත් ඉතිරිකරගන්න පුලුවන්.

    • ක්‍රිමිනල් says:

      ඒක තමා මචෝ….. පැකනිල් බිවුව නම් වැඩේ ඉවරයිනේ. කොහෙද ඉතින්, ගොන් බයියො යන්නෙම ඉගුරු, කොත්තමල්ලි පැණි පස්සෙ.

  8. මහ මොළකරු says:

    පාර්ලිමෙන්තුවට හිවල්ලු හැව්වා නම් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද​?

  9. siri says:

    harak achariya kathakaranakota kela vidinawa, uva mulinma PCR keruwoth narakada?

Main News