සෙංකෝලයත් ඉවත් කල පසු පනත සම්මත කල බව කතානායක කියයි…
July 28, 2017 at 4:40 pm | lanka C news
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ නියෝගයන්ට අදාළ ප්රකාශනය විධිමත් ආකාරයෙන් සම්මත වූයේ යයි කථානායකවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත.
ඒ සදහා ඡන්දය විමසන අවස්ථාවේ සමහර මන්ත්‍රීවරුන් විරෝධතාවයේ යෙදෙමින් සභා ගැබ මැද සිටියද කටහඬවල් අනුව ඡන්දය ගණනය කර පනත සම්මත කල බව කථානායකවරයාගේ නිවේදනයේ සදහන්ය.
කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ මන්ත්‍රීවරුන් සභා ගැබ මැද සිටියදී වේත්‍රධාරීන් විසින් පාර්ලිමේන්තුවේ සෙංකෝලය ඉවත් කර ගැනීමෙන් පසුද කතානායකවරයා ඡන්ද විමසීම පැවැත්වූ බවයි. එම ප්‍රතිඵලද එවෙලේ නිකුත් නොකර පසුව මාධ්‍ය නිවේදන මගින් නිකුත් කිරීම පාර්ලිමේන්තු සම්ප්රදාය හෝ නීතීය නොවන බවත්ය.