මන්ත‍්‍රීවරුන් 08ක් නිරෝධායනයට.. උපන් දින සාදයකුත් දාලා..

December 25, 2020 at 5:30 pm | lanka C news
මන්ත‍්‍රීවරුන් 08ක් නිරෝධායනයට.. උපන් දින සාදයකුත් දාලා..

හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ,ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙක් සහ මධ්‍යම පලාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් ස්වයං නිරෝධානයට යොමු කර එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට (24) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග වෛරස් අසාදනය වි ඇති නාගරික මන්ත්‍රිවරයා ඉකුත් 19 දින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමග හැටන් දික්ඔය නගර සභාවේ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙකුගේ නිවසේ පැවති උපන් දින උත්සවයකට සහභාගි වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

එම උපන්දින සාදයට හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයාද සහභාගි වි ඇති අතර , සභාපතිවරාව මිට ප්‍රථම ඔහුගේ නිවසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

උපන්දින සාදය පැවැත් වු නාගරික මන්ත්‍රිවරයාගේ හිතවතෙකු වන මධ්‍යම පලාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකුද සිටින බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයා ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

9,583 views

3 Comments to “මන්ත‍්‍රීවරුන් 08ක් නිරෝධායනයට.. උපන් දින සාදයකුත් දාලා..”

  1. " නීතියක් නැති බල්ලට ගිය රට " says:

    ලෝකයෙම කොරෝනා නීතිය කැඩුවහම තරාතිරම නොබලා දඬුවම් කරනවා.
    ඒකට ලංකාවෙ… නීතිය බල්ලට ගිහිල්ලා…
    මූන බලලා ඌ ලොක්කෙක් නම් සැලූට් ගහල “ආ… මේ සෑර් නොවැ කියලා” බකංනිලා ඉන්නවා..!

    • බූරු පුතාණෝ සජියා says:

      ධම්මික ගොඩ වෙදාගේ ගෙදර ඉස්සරහ පාරෙ මිනිස්සු දහස් ගණනක් තෙරපෙන එකට නිරෝධායන නීතිය බලපාන්නෙ නැහැ. ජනාධිපතිත් බයයි කාලි යක්ෂණිය කුලප්පුවෙයි කියල

  2. කැප්පෙටිපොළ says:

    පිටරටට පදිංචියට ගිය මගේ මිතුරන් වෙත
    නුඹ ගියා නත්තල සොයා පිටරට
    මම තාම ඉන්නවා වෙසක් සමග මෙරට
    සහෝදර බැදිමෙන් අපි ගිය පන්සල් ඇත මෙරට
    අද මම ඉතුරුව ඇත මුරට

    ගොඩනැගිලි අඩු වුනත් මෙලක
    කුඹුරු යාය තවමත් ඇත ගමේ සිරිලක
    අධ්‍යාපන ක්‍රමය උඹ යවුවත් වෙනලක
    ජිවත් විය හැකියි හිත ඇත්නම් මෙලක

    නුඹ හිතන්න එපා නුඹට වැරදුනා කියා
    එක් කරන්න මනුස්සකමක් පරිසරයට සිතා
    නුඹෙ හැදියාවෙන් ඔවුන් එළිය දකිනවා කියා
    අපි සත්වයෝ සංසාරයේ ගමන් කරන සිතා

    කාන්තාරයට අරුතක් එක් කල නුමලා
    පිටරටට ආභරණයක් හිතාපල්ලා
    වාසනාවක් තිබුනොත් මතකයට ගනිල්ලා
    ලක්බිම වෙත එන්න අදිටනක් ගනිල්ලා

Main News