මන්ත‍්‍රී ජයන්තට ඇප.. වීරවංශ රිමාන්ඞ්…

October 24, 2016 at 12:40 pm | lanka C news
මන්ත‍්‍රී ජයන්තට ඇප.. වීරවංශ රිමාන්ඞ්…

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි සන්දානයේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

මන්ත‍්‍රිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය රජය සමයේදී ජනපති කාර්යාලයේ වාහන අවභාවිත කර ලක්ෂ 50ක අලාභයක් රජයට සිදු කල බවටයි.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මන්ත‍්‍රිවරයා මුදා හරිනු ලැබීය.

මේ අතර එම චෝදනාවටම රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ එන නොවැම්බර් 7 දක්වා නැවතත් රිමාන්ඩ් කර ඇත.

36 views
Main News