මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මාධ්‍ය හමුවක් කැදවා අමු මාළු කා පෙන්වයි.. [Video]

November 17, 2020 at 1:20 pm | lanka C news
මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මාධ්‍ය හමුවක් කැදවා අමු මාළු කා පෙන්වයි.. [Video]

සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එම දිස්ත්‍රික් නායක දිලිප් වෙදාරච්චි මහතා මාධ්‍ය හමුවක් කැඳවා අමු මාලු කා පෙන්වීය.

ඔහු එමගින් ඉල්ලා සිටියේ මාළු වල කොරෝනා නැති බවත්ය.

එනිසා බියකින් සැකයකින් තොරව මාළු ආහාරයට ගන්නා ලෙස පැවසූ ඔහු ධීවරයන් වෙනුවෙන් මේ අවස්ථාවේ කල හැකි උපරිම දේ නම් මාළු ආහාරයට ගැනීම යයිද පැවසීය.

මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

දිලිප් වෙදාරච්චි මහතා පැවති යහපාලන රජයේ ධීවර රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ දන්වා ඇත්තේ කොරෝනා පැතිරීමක් සිදු නොවන්නේ හොදින් උයාගෙන ආහාරයට ගන්නා මාළුවලින් මිස අමු මාළු වලින් නොවන බවය.

57,579 views

34 Comments to “මන්ත‍්‍රී දිලිප් වෙදආරච්චි මාධ්‍ය හමුවක් කැදවා අමු මාළු කා පෙන්වයි.. [Video]”

  1. Com Doc says:

    මු අපේ මාළු කාවිද දන්නෙත් නෑ..

  2. Deepal Lokukge says:

    වෛරසයක් යනු ඇහැට නොපෙනෙන එකකි. වෛරසය තිත්ත රස, අඹුල් රස, පැණි රස හෝ ලුණු රසයෙන් යුක්ත නොවෙයි. කාලා වෛරස් නැතැයි කියන උන් ඉන්නේ ලංකාවේ විපක්ෂයේ පමණි. සජිත්ගේ ඡායා ධීවර ඇමති අනුභව කළ මාළුවාගේ කොරෝනා වෛරසය නැතැයි කියා ප්‍රසිද්ධියේ කළ රංගනය භයානක එකකි. නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් වසංගත මර්දන නීති රෙගුලාසි යටතේ මොහු අත් අඩංගුවට ගත යුතුය.

    සජිත්ට හෝ ඔහුගේ ඡායා කැබිනට්‍ටුවේ ධීවර ඇමතිට මොළේ කළඳක් තිබුනේ නම් කළ යුතුව තිබුනේ මාළු අමුවෙන් කෑම නොවේ.

  3. යකෝ මු අමු මාළු කාලා ගිල්ලනේ. සජිබලුරැලගේ කල්කිරියාව තවත් මොනවද ඉතිං.

  4. සුනිල් ගලප්පත්ති, දෙවුන්දර says:

    දිලිප් වෙදආරචිචිගෙ ඡන්ද පදනම ධීවර ජනතාව. මෙි දිනවල කොරෝනා වසංගතය නිසා ධීවර කර්මාන්තය කඩා වැටිලා. පෑලියගොඩ පොකුර වාර්තාවෙන් පස්සෙ මිනිස්සු මාළු කන්න බයයි. වෛද්‍යවරුන් කියන්නෙ මාළු කෑවට Covid-19 බෝවෙන්නෙ නෑ කියල. මාළු අළෙවිකරගන්න බැරිව ධීවරයො අසරණවෙලා ඉන්නෙ.
    වෙදආරචිචි ආමන්ත්‍රණය කළේ ඒ ධීවර ජනතාවගේ ගැටළුවට. ධීවරයින් මහා උගතුන් නොවෙයි. ඔහුගේ ක්‍රමය හරි හෝ වැරදි වෙිවා ධීවරයින් වෙනුවෙන් පෙනීසිටීමෙන් ඔහු තවත් ඔවුන් අතර ජනප්‍රිය වෙිවි. මෙි සමිබන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවෙිවි.
    Strategically Approach.

    • සීතා ම්බර කුඩේ says:

      පන්සලේ පොටෝ එකෙනුත් ඇන ගත්ත එකේ බෛයන්ට මේකෙං වත් ආතල් එකක් ගන්න චාන්ස් එක දෙන්න සුනිල් මල්ලි.

  5. සහොදරය says:

    දුරාවෙ කට්ටිය නෙ . ඔක්කොම අමුවෙන් තමා

  6. Sunil says:

    පන්ඩිතයා වෙන්නෙ නැතුව හිටන්. දොස්තර මහත්වරු මාළු කැවට කමක් නැහැ කියලා පවසලා ගොඩාක් කල්. එවා අල්ලගෙන කැ ගහනවා. මේ වගේ …..අය තමයි කවුන්සලයේ ඉන්නේ.

Main News