මන්ත‍්‍රී පුංචි නිලමේට කැත්තෙන් කොටන්න එයි..

January 22, 2019 at 11:20 am | lanka C news
මන්ත‍්‍රී පුංචි නිලමේට කැත්තෙන් කොටන්න එයි..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතාට පැත්තකින් පහරදීමට උත්සාහ කළ අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රීවරයා විසින් පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ තමන් ගමන්ගත් වාහනය නිසා හරක් රංචුවක් කුලප්පු වූයේ යැයි එම පුද්ගලයා බීමතින් තමන්ට කැත්තකින් පහරදීමට උත්සාහ කළ බවයි.

නමුත් එම පුද්ගලයා පවසන්නේ මන්ත්‍රීවරයා සමග පැමිණි පිරිසක් තමනට පහරදුන් බවත් ඉන් තුවාල ලත් තමන් කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබද්දී පොලිසියෙන් අත්අඩංගුවට ගත් බවත්ය.

සිදුවීම සම්බන්ධයෙන් අග්බෝපුර පොලිසිය විසින් පරීක්ෂණ පවත්වමින් සිටියි.

69 views

4 Comments to “මන්ත‍්‍රී පුංචි නිලමේට කැත්තෙන් කොටන්න එයි..”

  1. Saman says:

    උස් තැන් දැක හැකිලෙන්නෙ මිටි තැන් දැක පුප්පන්නේ. පොලිසියේ ආදර්ශ පාඨය විය යුතුය.

  2. Hewage says:

    Do not forget THRIMA VITHANA’s case.

    • Laksiri says:

      ……..වෛද්‍ය සිසුන්ගේ අරගලය වසරක් පුරා නොකඩවා ඇදී ආවේය. අරගලය උත්සන්න කිරීම වස් වෛද්‍ය පීඨ සිසුන් වර්ෂ පූර්ණ සංවත්සරයට සූදානම් වූහ. වෛද්‍ය අධ්‍යාපනය නැවතී වසරයි, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්” යන සටන් පාඨය පොස්ටර් ලක්ෂ ගණනින් අතින් ඇද රට පුරා ඇලවීමට වෛද්‍ය සිසුන් ක‍්‍රියා කළහ.

      කෲර මර්ධනය එළඹියේ ඉන් අනතුරුවයි. ත‍්‍රීමා විතාන සොයුරා, රංජිත් පෙරේරා, ඞී. ඞී. බන්දුවර්ධන යන සොයුරන් සමඟ රත්නපුර බස්නැවතුම් පොල අසලදී 1988 ඔක්තෝම්බර් 22 වෙනිදා පැහැර ගනු ලැබීය. පසුව වද බන්ධනයට ලක් කර එදින රාත‍්‍රියේ දී පුළුස්සා වැල්ලවාය කොස්ලන්ද මාර්ගය අසල දමා තිබුණි. ඔහුගේ සිරුර සිගැරැට්ටු කොට වලින් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට ගැසූ පරාල ඇණ වල බැදි ලනුවකින් ජීප් රථයකින් මහමඟ දිගේ ඇදගෙන ගොස් මිලේජ්ච ලෙස මරා දමා තිබුණි.

      මෙම ඝාතනයේ චෝදනා එල්ල වූයේ සබරගමුව මහ ඇමතිගේ පුත් සුසන්ත පුංචිනිලමේ මහතාටය. මහත් ආන්ෙදාලනයකට ලක් වූ එම නඩුව රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාග විය. සුසන්ත පුංචිනිලමේ ඇතුළු කීප දෙනෙකුට එරෙහිව අධිචොදනා 13 ක් යටතේ එම නඩුව පවරා තිබුණි. නඩුව අවසානයේ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ නිසා චූදිතයෝ නිදහස් වූහ.

      • රතුඑලියේ අතන says:

        තව ටික දෙනෙක් අන්තරයෝ මරල දැම්මනම් රටේ හොඳ දොස්තර ල බිහිවෙන්න තිබ්බ.. කඩාකප්පල් කාරයෝ මරනවා හැරෙන්න මොනවා කරන්නද? හොඳ වැඩේ…

Main News