මන්ත්‍රී රත්තරං දැරියට අතවර කර ඇත්තේ ඇගට වැහුනු පේ‍්‍රතයෙක් ඉවත් කරන ගුරුකමකටලු..
February 28, 2019 at 10:55 pm | lanka C news
පාසල් දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි අක්මීමන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයා මුදල් රුපියල් විසිපන් දහසක් (25,000/-) සහ රුපියල් ලක්ෂ පහ (5,00000/-) බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (28) සවස නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලෙසත් නඩුව 2019 අප්‍රේල් 30 දින නැවත කැදවන බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
මෙසේ ඇපමත මුදාහරින ලද්දේ දකුණු පළාත් සභාවේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර (40) නොහොත් රත්තරං නැමැති අයයි.
ගාල්ල, පිලාන ප්‍රදේශයේ වයස අවුරුදු 16 ½ ක පාසැල් දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි අක්මීමන පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකාර මන්ත්රීවරා අද (28) පෙරවරුවේ නීතීඥයෙකු සමග පැමිණ අක්මීමන පොලිසියට බාර වූ බවත් එයින් පසුව අත් අඩංගුවට ගත් බවත් අක්මීමන පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපයෝජනයට ලක් වූ බව කියන දැරිය, දැරියගේ මව සමග පසුගිය 26 දින අක්මීමන පොලීසියට පැමිණ පැමිණිලි කර තිබේ. පසුගිය පෙබරවාරි මස 23 වැනි අගහරුවාදා දින දැරිය ලිංගික අපයෝජනයට ලක් කර තිබෙන බවත් ඊට දින කීපයකට පසු මේ සම්බන්ධයෙන් දැරිය සිය මවට සියළු විස්තර පවසා ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා සාස්තර බැලීම, හදි හූනියම් කිරීම, දෙහි කැපීම, බලි තොවිල් කිරීම ආදී කටයුතු වල නිරත අයෙකු බවද අක්මීමන පොලීසිය කියයි. දැරියට ප්‍රේතයකු ආරූඩ වී ඇති බවට දැරියගේ මව විසින් පවසා ප්‍රේතයා ඉවත් කිරීම සදහා සැකකාර මන්ත්‍රීවරයා සමග ගාල්ල, බටදූව ප්‍රදේශයේ දේවාලයක ගුරුකමක් කරමින් සිටියදී දැරිය මෙසේ ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දෙමාපියන් දේවාලයෙන් පිටත ඇති බවත් සැකකාර මන්ත්‍රීවරයා හා දැරිය පමණක් දේවාලය තුල සිට ඇති බවත් අක්මීමන පොලීසිය කියයි.
අක්මීමන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂ් ධර්මසේන මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමතන්ත්‍රී, පොලිස් සැරයන් සරත්චන්ද්‍ර (59111) යන මහත්වරුන් ඇතුළු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
– ජයකාන්ත ලියනගේ (බළපිටිය)
මුගේ සරම යට තියෙන ලොකුම හුනියම කපන්න ඕනේ, ලංකාවේ නීති වෙනස් කරන්නේ නැත්තේ මොකද
මූ UNP යෙන් දේශපාලනයට ආවෙ. පස්සෙ මහින්දට සෙටිඋනා. ඉස්සර නමි මුංවගේ එවුන්ගෙ තුනම ලාචිචුවෙ දාල හිරකරල පොලීසියෙන්ම දඬුවමි දුන්නා.දැන් එවලෙම ඇප. ලෝයර්ස්ලා පටිට හොරැ. උංට ඔනි අමිම විකුණල හරි සල්ලි හොයන්න.
ගාල්ලෙ ගොං හරක් ලබන පාර මූ පාර්ලිමෙින්තුවටත් යවයි.
යමි හෙයකින් ලබන මැතිවරණයේදී මූට නාමයෝජනා දුන්නොත් එම පක්ෂයේ නායකයාට සහ ලේකමිට අසූචි ගසා එලවිය යුතුයි.
මේක කුමන්ත්‍රණයක්
දීශප්ප්රේමීන් සිරගත කිරීමේ යහපාලන කුට උපායක්.
මූව පොහොට්ටුවෙන් පන්නා දැමිය යුතුයි
අපේ රටේ නීති වෙනස් නොකරන තාක් මේ වගේ කාලකන්නි තමන්ගේ ඕන අවශ්‍යතාවයක් නිදහසේ කර ගනියි. මේවගේ වැරදි වලටත් කෙලින්ම මරණ දඩුවම දෙන්න ඕනේ. වලත්ත දේශපාලුවෝ
Mu UNP idala apu kapati nariyek. media issaraha mu kiyana kawi melo rahak ne. pohottuwa pirisiduwa taba ganna nam me wage ewun ta adu tarame thawakalika daduwamak wath denna ona.
thamange darauwanwa devaala athule thaniyen thiyena mee wage gon booru ammala thaththala…