මන්ත්‍රී සැප වාහන සටනින් බෝපගේ දිනයි.. හත් ලක්ෂයේ කුලී වාහන යෝජනාව අකුලයි..
December 18, 2016 at 8:40 am | lanka C news
එක් අයෙකුට මසකට රුපියල් ලක්ෂ හතහමාරක කුලී මුදලක් වැය කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 58 දෙනෙකු වෙනුවෙන් වාහන ලබාදීමට සදහා වූ කැබිනට් තීරණය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා අදාළ නිල ලිපියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්වය උදා වී ඇත.
ලේකම්වරයා ප්‍රකාශ කර තිබුනේ නීති ප්‍රශ්න කිහිපයක් නිසා තමන්ට මේ වාහන සැපයීම අනුමත කළ නොහැකි බවයි.
කවිරැ රජය භාරගත්තත්මෙවන් දේශහිතේශින් අාරක්ශා කලයුතුයි.
ටොයියෙක් වෙලත් මේවගේ නිවැරදි තීරණයක් ගත්ත එක. පුදුමයි. …අරමුණ මොකක් උනත් හොඳ වැඩක්….
ලේකම්වරයෙකු ලෙස තම වගකීම මනා ලෙස ක්රීයාවේ යෙදවීම සහ වැරදි දෙය වැරැදියි කීමට තරම් නිර්භීතව ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපේ ප්‍රණාමය.