මන්දකට හසු වු කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගනි….

April 25, 2020 at 2:04 am | lanka C news
මන්දකට හසු වු කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගනි….

හැටන් දික්ඔය දරවල තේ වත්තේ ගසක අටවා තිබු මන්දකට හසු වි සිටි කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගැනිමට (24) දින පස්වරුවේ වනජිවි නිලධාරින් සමත්විය.

වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට කදුකර කොටියා (23) දින රාත්‍රි හසු වි ඇති අතර , (24) දින දහවල් කොටියෙකු ගොරවන හඩ ඇසි වතු කම්කරුවන් එ පිලිබදව හැටන් පොලිසියට සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් වෙත දැනුම් දි ඇත.

රණිදෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යය  අකලංක පිනිදිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් පිරිසක් හැටන් දරවල තේ වත්තට පැමිණ කදුකරය කොටියා නිර්වින්දනය කර මන්ද ගලවා මුදාගෙන කොටියා වැඩිදුර ප්‍රතිකාර සදහා රණිදෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන ලදි.

අවුරුදු හයක් පමණ වයසැති හොදින් වැඩුණු කදුකර කොටියා පිරිම් සතෙකු බවත්, මිට වසරකට පමණ ප්‍රථම දරවල තේ වත්ත ආසන්නයේ පිහිටි හැඩ්ලි තේ වත්තේද මේවැනිම මන්දකට හසු වි කොටියෙකු මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

තේ වතු ආශ්‍රිතව සැරිසරන කදුකර කොටියන් වල් ඌරන් දඩයම් කිරිම සදහා ඇතැම් පිරිස් විසින් අටවන මදු වලට හසු වි පසුගිය වසර කිහිපය තුල කදුකර කොටියන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවත්, කදුකර කොටියන් වද වි යාමේ තර්ජනයට ලක් වි ඇති ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු සත්ව විශේෂයක් බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

කදුකර කොටියා මන්දට හසු වි සිටි තේ වත්තේ තවත් අටවා තිබු මදු ගණනාවක් ගලවා ඉවත් කිරිමට වනජිවි නිලධාරින් කටයුතු කල අතර , කදුකර කොටියා මුදා ගැනිමේ මෙහෙයුමට හැටන් පොලිසියේ නිලධාරින් මෙන්ම ලක්ෂපාන යුධ හමුදාවේ නිලධාරින් මෙන්ම වතු පාලන අධිකාරිය සහයෝගය ලබා දි තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

199 views

One Comment to “මන්දකට හසු වු කදුකර කොටියා නිර්වින්දනය කර මුදා ගනි….”

  1. Love nature says:

    කදුකරේ ජිවත්වන වතු දෙමල ජාතිකයින් මේ සදුන් දිවියන් ,ඉතැවන් හාවන් වැනි සියලුම සතුන් දඩයම් කර ඔවුන්ගේ මස් කනවා ..මේ ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි ..මේ අපේ රටේ ජිවත්වන අහිංසක සතුන් ඉන්දියාවෙන් ආපු සක්කිලි තේ වතු දමිළයන්ගේ ගොදුරුබවට පත් වීම වැළැක්වීමට දැඩි නීතිමය පියවර ගත යුතුයි ..
    අහිංසක සතුන් මරණ ද්‍රවිඩ වතු දෙමළුන් පුරවැසි භාවය තහනම් කර නැවත දකුණු ඉන්දියාවට පිටමන් කලයුතුයි
    තේ වතු අවට ඇති වනරක්ෂිත ගිනි තියමින් මේ සුලුජාතින් කරන අපරාධ මැඩ පැවැත්වීමට විශේෂ වන ජීවී ආරක්ෂක අංශයක් යෙදිය යුතුයි

Main News