මන්දකට හසු වු දිවියෙකු නිර්වින්දනය කර බේරා ගැනිමට වනජිවි නිලධාරින් සමත් වෙයි…
October 6, 2019 at 2:06 am | lanka C news
දඩයම්කරුවකුගේ මන්දකට හසු වි සිටි හොදින් වැඩුණු දිවියෙකු නිර්වින්දනය කර බේරා ගැනිමට නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් සමත් වි ඇත.
කොත්මලේ පොලිස් වසමට අයත් කොත්මලේ දොරගල දවටගහ ප්රදේශයේ තේ වත්තේ ලදු කැලැවක දඩයම් කරුවෙකු විසින් අටවන ලද උගුලකට දිවියෙකු හසු වි ඇති බවට නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වහා ක්රියාත්මක වු නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් රන්දෙණිගල වනජිවි රෝහලේ පශු වෛද්යය කාර්යයාලයේ පශු වෛද්යය අකලංක රත්නසිරි මහතාගේ ද සහය මත මන්දට හසු වි සිටි දිවියා නිර්වින්දනය කර මන්දෙන් ගලවා බේරා ගැනිමට වනජිවි නිලධාරින් සමත් වි ඇත.
මරු උගුලකට හසු වි සිටි දිවියා ඉන් මුදාගෙන නුවරඑලිය වනජිවි නිලධාරි කාර්යයාලය වෙත රැගෙන විත් ඇති අතර මුදාගත් දිවියා වෙනත් සුදුසු පරිසරයකට මුදා හරින බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේය.
දිවියන් අල්ලා ගැනිමට උගුල් අටවන දඩයම්කරුවන් නිතියේ රැහනට කොටු කර ගැනිමට කටයුතු කරන බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
පින්තූරේ ඉන්නේ ඒ සතා නම්, එකා කොටියෙක්…!!! දිවියා බළලෙක් සයිස් නැත්නම් පොඩ්ඩක් ලොකුයි…
yako uba handun diwiyawa adurannay nadda?