මන්දපෝෂණය නැති කරන්න නම් අරක්කු මිල අඩු කල යුතුයි..

September 21, 2022 at 3:20 am | lanka C news
මන්දපෝෂණය නැති කරන්න නම් අරක්කු මිල අඩු කල යුතුයි..

මෙරට මන්ද පෝෂණය අඩු කර තුන්වේල කන්න දීමට අවශ්‍ය නම් වයින් ස්ටෝස් වසා දැමිය යුතු බවත් නැතහොත් අරක්කු මිල අඩු කළ යුතු වුවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ දවස පුරා මහන්සි වන පුද්ගලයන් හවස් වරුවේ මත්පැන් ස්වල්පයක් පානය කිරීම පුරුද්දක් වී ඇති බවයි.

අරක්කු මිල ඉහල ගොස් තිබීම හේතුවෙන් පුද්ගලයන් අරක්කු බිවු පසු ගෙදරට අරන් යන්න මුදල් ඉතුරු නොවෙන බවත් ඒ හේතුවෙන් දරු පවුලට ආහාර සපයා ගැනීමේ ගැටලුවක් මතු වන බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

47,785 views

13 Comments to “මන්දපෝෂණය නැති කරන්න නම් අරක්කු මිල අඩු කල යුතුයි..”

  1. Thilina says:

    කොන්දොස්තර එනවා දොස්තරගෙ වැඩෙ කරන්න

    • APerera says:

      ඕක මොකක්ද… දොස්තරලා කෘෂි උපදේශක වෙච්ච, රාජ්‍ය සේවකයන්ට ගොවිතැන් කරන්න කියපු, ගොවියන්ව පාරට අැදලා දාපු, පාරෙ ඉන්න එවුන්ව පෝලිං වල් තියපු, ෂෙඩ් වල පෙට්‍රල් ගහපු එවුංව මුදල් අැමති කරපු රටක කොන්දොස්තර කෙනෙක් දොස්තර වැඩේ කරන එක අරුමයක් නොවේ…

Leave a Comment

Main News