මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..

October 15, 2018 at 8:02 am | lanka C news
මන්නාරම් මඩු ගිය බස් රථයක් පාලමක ගැටී දරුණු අනතුරක.. 08ක් රෝහලේ..

කොලඹ සිට මන්නාරම් මඩුදක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මන්නාරම් මාර්ගයේ සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පාලමක ගැටී අනතුරට ලක් වීමෙන් 08 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.

කොලඹ කොච්චිකඩේ සිට මන්නාරම් මඩු දක්වා ධාවනය වී ඇති මෙම පෞද්ගලික බස් රථය අධික වේගයකින් ගමන්කොට ඇති අතර සෙට්ටිකුලම් ප්‍රදේශයේ පිහිටි මල්වතු ඔය වැටී ඇති ප්‍රධාන පාලමේ බස් රථය ගැටී පාලමෙන් බිමට පෙරලීමෙන් බේරාගැනීමට රියදුරුට හැකිව තිබෙනවා.

අධික වේගයෙන් පැමිණි බස් රථය පාලමේ වැදීම හේතුවෙන් පාලමෙන් පහලට වැටීම වැලකී ඇති අතර පහලට වැටුනේනම් දැඩි හානියක් සිදුවීමට ඉඩතිබූ බවටත් පාලමේ වැදීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් මගීන් 08 දෙනෙකු තුවාල ලබා සෙට්ටිකුලම් රෝහල වෙතට ඇතුලත් කොට ඇති බවට සේට්ටිකුලම් පොලීසිය කියා සිටියේය.

බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී බස් රථයතුල මගීහු 40 දෙනෙකු පමණ ගමන්කොට ඇති අතර අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,982 Viewers
Main News