මන්නාරම් මුහුදෙන් රුපියල් කෝටියකට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට…

October 17, 2019 at 2:13 am | lanka C news
මන්නාරම් මුහුදෙන් රුපියල් කෝටියකට ආසන්න කේරල ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට…

මන්නාරම මුහුදු සීමාවේදී අයිතිකරුවන් නොමැතිව පාවෙමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 86 ග්‍රෑම් 520 ක් තිබී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා යාත්‍රාවක් විසින් මන්නාරම් උතුරු මුහුදු සීමාවේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කේරල ගංජා තොගය අසුරණ ලද පාර්සල් දෙකක් මුහුදේ පාවෙමින් තිබී ඇති අතර එම පාර්සල් පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

එම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් මුහුදු මාර්ගයෙන් රැගෙන එන අවස්ථාවේදී නාවික හමුදාව දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටින අතරම අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තලෙයිමන්නාරම් පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

949 Viewers
Main News