මන්නාරම් මුහුදේ කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක්….

January 12, 2019 at 2:09 am | lanka C news
මන්නාරම් මුහුදේ කැස්බෑවුන් මරා මස් විකුණන ජාවාරමක්….

මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3.185 ක් ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමිනි සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරුමැද නාවික විධාන මූලස්ථානයට අයත්  නාවිකයින් පිරිසක් වංකාලේයිපාඩු ප්‍රදේශයේ පාමුර සංචාරයක නිරතව සිටියදී සැකසහිත පුද්ගලයෙකු ගමන් කරනු දැක පරික්‍ෂාවට ලක්කිරීමේදී මෙම කැස්බෑ මස් තොගය හමු වී ඇත.

මන්නාරම හා තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිටින කැස්බෑවුන් මරා ප්‍රදේශයේ හෝටල් වෙතට අධික මිලකට විකිණීමේ මෙම ජාවාරම  කලක සිට සිදුව ඇති බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.

අදාළ පුද්ගලයා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර සැකකරු හා කැස්බෑ මස් තොගය නාවික හමුදාභාරයට ගැනීමෙන් පසුව වැඩිදුර නීතිමය කටයුතු සඳහා නාවික හමුදා විසින් පේසාලේයි පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය විසින් සැකකරු මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ‍

1,010 Viewers
Main News