මන්නාරම් ශ්‍රී මාතොට රාජමහ විහාරයේ ධර්ම ශාලාව අස්ගිරි මහානායක හිමි අතින් විවෘත්ත වෙයි

September 30, 2017 at 2:06 am | lanka C news
මන්නාරම් ශ්‍රී මාතොට රාජමහ විහාරයේ ධර්ම ශාලාව අස්ගිරි මහානායක හිමි අතින් විවෘත්ත වෙයි

 ඓතිහාසික මන්නාරම් මාතොට රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදි වූ ධර්මශාලාව හා ධර්මශාලාව, දානශාලාව හා මුලුතැන්ගෙය අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතාභිධාන මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් (29) දින විවෘත්ත කිරීම සිදු විය.

අස්ගිරි පාර්ශවයේ මහානායක මාහිමියන්ට අමතරව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි මාහානාහිමියන් නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක සවර්ණමාලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන මාහිමියන් ,වැලමිටියාවේ කුසලධම්ම මා හිමියන් , මන්නාරම් අගරදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපානෝ මෙන්ම බුද්ධ ශාශන හා වනජීවි අමාත්‍ය  ගාමිණි ජයවික්‍රම මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටගෙදර මහතා ඇතුලු පිරිසක් සහභාගීවී සිටියහ.

මෙහිදී ශ්‍රී මාතොට රජමහා විහාරයේ විහාරාධිපති අනුරාධපුර ස්වර්නමාලි චෛත්‍යාරාම විහාරවාසී පූජ්‍ය අඹගහවැව සංඝරක්ඛිත මාහිමියන් මාහිමියන් පැවසූවේ ප්‍රධාන වශයෙන්ම මිහිදු හමියන්ගේ ආගමනයේදී මාතොට රජමහ විහාරයේ එක් රැයක් පහන කල බවටත් එමෙන්ම සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් වැඩමවා වදාල ශ්‍රී මහ බෝධීන් වහන්සේ පෙළහැරකින් වඩිනා අවස්ථාවේදී මාතොට රජමහා විහාරයේ එක් රැයක් ගත කොට ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පන්සලක් වශයෙන් ශ්‍රී මාතොට රාජමහා විහාරය හඳින්විය හැකි බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

209 views
Main News