මන්නාරම් සමූහ මිණිවලේ ඇමරිකානු කාබන් වාර්තාව අධිකරණයට.. අද අධිකරණය දුන් තීරණය මෙන්න..

February 20, 2019 at 4:40 pm | lanka C news
මන්නාරම් සමූහ මිණිවලේ ඇමරිකානු කාබන් වාර්තාව අධිකරණයට.. අද අධිකරණය දුන් තීරණය මෙන්න..

මන්නාරම සමූහ මිනිස් වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්ථාව ඇමෙරිකාවේ  ෆොලොරීඩා හි  බීටා ඇනලිටික් ආයතනය සෘජවම ලිඛිතව  මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු  අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව  ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම මහෙස්ත්‍රාත් ටී සරවනරාජා මහතා  ප්‍රකාශ කළේය.

මහෙස්ත්‍රාත්වරයා  මන්නාරම විවෘත අධිකරණයේදී  අද (20)  දින ඒ බව ප්‍රකාශ කළේ  අතුරුදන්වුවන්ගේ ඥාතීන්  වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මෝසමක් මගින්  අද දහවල්  නඩුව කැඳවු අවස්ථාවේදීය.

අධිකරණ වෛද්‍යවරයා අද උදෑසන මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන්  කාබන්  කාල නිර්ණය වාර්තාවේ පිටපතක් නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලෙස  අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටි අවස්ථාවේදී අදාල වාර්තාව නිල වශයෙන් අදාල ආයතනයෙන්  මහෙස්ත්‍රාත් අධිකරණයට එවා නොමැති වීමෙන්  විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ විසින් දුන් පිටපත ප්‍රකාශයට පත් කළ නොහැකි බවත්  නිල පිටපත ලැබුණු පසු  එය ප්‍රකාශයට පත් කරන බවත්  මන්නාරම් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කොට සිටියේය.

මේ අනුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මන්නාරම් ගොනු කොට තිබූ අදාල නඩුව මේ මස 25 වනදා දක්වා කල් දැමීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වණරාජ් මහතා නියෝග කොට සිටියේය.

අද දිනයේදීද මන්නාරම් සමූහ මිණීවලේ 147 වන දිනට කැනීම් කටයුතු සිදු වෙනවා මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී මිනිවළ තුළින්  මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 28 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද හමු වී ඇති බවට සමූහ මිණීවල භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

152 views
Main News