මන්නාරම් සමූහ මිණීවලෙන් සිරුරු 280 ක් හමුවෙයි.. කොටස් පරීක්‍ෂාවට ඇමරිකාවට යවයි..

December 19, 2018 at 5:30 pm | lanka C news
මන්නාරම් සමූහ මිණීවලෙන් සිරුරු 280 ක් හමුවෙයි.. කොටස් පරීක්‍ෂාවට ඇමරිකාවට යවයි..

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම අද (19) දිනයේත් සිදු කරන බවට මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සමින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ කැලණිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකරන බවටයි.

 

අස්ථි කොටස් සාම්පල හයක් කාබන් පරීක්ෂාවට යොමුකිරීමට නියමිත බැවින් සමූහ මිනිවල භූමියේ ස්ථාන හයකින් අස්ථි සාම්පල ලබාගැනීමට නියමිත අතර,ඊයේ (18) දින අස්ථි කොටස් සාම්පල දෙකක් ලබාගෙන ඇති බවද  සමින්ද රාජපක්ෂ වෛද්‍යවරයා පැවසුවේය.

අනෙකුත් අස්ථි කොටස් සාම්පල අද(19) දිනයේ ලබා ගැනීමට නියමිත අතර කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිත බවද සියලු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගන්නා අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියලු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නා බවද  රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට සමූහ මිනිවල සම්බන්ධයෙන් දින 119 ක කාලයක් පරීක්ෂණ පවත්වා ඇති අතර, සමූහ මිනිවළ තුළින් මිනිස් අස්ථි කොටස් 280 කට අදාළ අස්ථි සොයාගෙන ඇති අතරම හදුනාගත් අස්ථි කොටස්තුළින් මිනිස් සිරුරු 273 කට අදාළ සිරුරු ගොඩගෙන මන්නාරම අධිකරණ සංකීර්ණයේ වි‍ශේෂිත කුටියක තම ආරක්ෂාව යටතේ තැන්පත් කොට තිබෙන බවද රාජපක්ෂ මහතා පැවසුවේය.

 

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්,මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

61 views

2 Comments to “මන්නාරම් සමූහ මිණීවලෙන් සිරුරු 280 ක් හමුවෙයි.. කොටස් පරීක්‍ෂාවට ඇමරිකාවට යවයි..”

  1. david milibanda says:

    Send with rayappu’s finger prints.

  2. Nishantha says:

    America yawapuwama hari.eyala hariyata kiyai.kiyala naduth dai.suicide karagaththu ltte karayonge bodies.walalanne nathuwa smaraka hadandada owungen.

Main News