මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණ වාර්ථාව මෙන්න.. මෙරට හමුදාවට යුද අපරාධ චෝදනා බොරු වෙයි.. පෘතුගීසීන්-ලන්දේසීන්ට යුද අපරාධ චෝදනා..
March 7, 2019 at 6:48 pm | lanka C news
මන්නාරම් සමූහ මිණීවලේ කාල නිර්ණය සඳහා වූ කාබන් පරික්ෂණයේ වාර්ථාව අද (07) මන්නාරම් අධිකරණය මගින් ප්‍රසිද්ධියට පත් කරන ලදි.
මේ අනුව ඇමරිකාවේ ෆෝරීඩාහි පිහිටි බීටා ඇනලටික් නැමති රසායනාගාරයට ලබා දුන් මන්නාරම් සමූහ මිණීවලෙන් රැගත් සාම්ඵල 6ම වාර්ථාව අද දින පසිද්ධියට පත් කරමින් එලි දක්වා තිබුනේ සමූහ මිණීවලේ ඇටසැකිලි වල කාල නිර්ණය අනුව වර්ෂ1400 ත් 1719ත් අතර කාලයේදී බවට පෙන්වා දී ඇත.
මන්නාරම් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජ් මහතාගේ නියොග්යන් පරිදි අද දින මෙසේ සමූහ මිණීවලේ කාබන් වාර්ථාවන් ප්‍රසිද්ධියට පත් කෙරුනේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් විසින් මන්නාරම සමූහ මිණීවලේ නඩුව අද (07) දින මෝසමක් මගින් කැඳවූ අවස්ථාවේදීය.
මේ අනුව මන්නාරම් සමූහ මිණීවලේ ඇට සැකිලි පසුගිය යුද සමයේදී සිදු වූ යුද අපරාධයක් යැයි චෝදනා නැගූ පාර්ශවන්ගේ ප්‍රකාශයන් සාවද්‍ය වන බවට ඔප්පු වෙයි.
කෙසේ වෙතත් උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයින් කියා සිටියේ මෙම සමූහ මිණීවල පෘතුගීසි ලන්දේසි සමයේ සිදුවූවක් බවට මේ වන විට ඔප්පු වී ඇති හෙයින් මෙහි කැනීම් ඉදිරියටත් සිදු කිරීම අර්ථ ශූන්‍ය බවටය.
මේ අතර මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් භාර අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ සමූහ මිණීවලේ කැනීම් අධිකරණයෙන් නවත්වන තුරු සිදු කරගෙන යන බවටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් නුදුරේම පැවත්වෙන බවටත්ය.
මේ අනුව මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු 155 වන දිනට සිදු කරන බවටත් එහිදී මළ සිරුරු සැකිලි 329 ක් හමු වී ඇති අතර අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318 කට අයත් සිරුරු අස්ථි කොටස් මේ වන විට ඉවත්කොට මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 29 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද හමු වී ඇති බවට සමූහ මිණීවල භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේය
මන්නාරම මහේස්ත්රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, ඇතුලු පිරිසක් විසින් කැනීම් කටයුතු සිදු කරති.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
නෑ මේවා පෘතුගීසින් එන්නත් කලින් සිද්ද උන සමූහ ඝාතනයක්. පෘතුගීසින් ලංකාවට එන්නෙ 1505 දි. ඒ උනත් මේ සිද්දිය වෙලා තියෙනවා කියන කාබන් වාර්තාව පෙන්නන්නෙ 1400-1450 කාලය අතරතුරයි. ඒ කාලයේ අපේ රට සිංහල රජවරු පාලනය කලත් වන්නිය පාලනය කලේ වන්නි නායකවරු. ඔය කාල පරිච්ඡේදය අතරතුර ලොකු සටනක් ගැන වාර්තා නොවුනත් වන්නියේ සහ උතුරේ වෙරල තීරයට විදේශ නැව්වලින් පැමිනි මුස්ලිම් වෙළදුන් වෙරළ අාශ්‍රිත ගම්මානවලට කඩා වැදී කොල්ලකෑම් මගින් ගැටුම් අැතිවී තියෙනවා.
Why u just say the bottem line.?
Why not 1700- 1800.
?
Area you diaspora or x-tiger?
Must hold an exhibition to expose tto the world ,t he crimes committed by Dutch / Portuguese people in the past and ask UNHCR and Tamil diaspora to show the skeletons of alleged killings of so called 40,000 innocent tamils
කෝ දැන් අර GERMAN තානාපති, එය ඔය මිනි වල නිතරම බලන්නගිය අපේ හමුදාවට එරෙහිව යුද අපරාද සාක්ෂි හොයාගන්න, මේවට මිට වඩා ලොකු ප්‍රචාරයක් දෙන්න ඕන
Jeps may still say” The Laboratary equipment may be wrong. We are sure they are gotabaya’ s killings”. Ammapa!