මන්නාරම් සමූහ මිණීවලේ කැණීම් නවතා දමයි.. සිරුරු සාම්පල ඇමරිකාවට යවයි..

January 20, 2019 at 8:40 am | lanka C news
මන්නාරම් සමූහ මිණීවලේ කැණීම් නවතා දමයි.. සිරුරු සාම්පල ඇමරිකාවට යවයි..

මන්නාරම සමූහ මිණීවලේ හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුලු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් මේ මස (ජනවාරී) 23 වනදා ඇමරිකාවට රැගෙන යාමට සූදානම් බවට කැනීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණය වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

එමෙන්ම දින 132 ක් පුරාවට සිදු කරන ලද කැනීම් කටයුතු වලින් හමු වූ සිරුරු කොටස් සාම්පල 23 වනදා රාත්‍රියේ ඇමරිකාවේ ෆොරිඩාහි පිහිටි රසායනාගාරය වෙතට රැගෙන යාම හේතුවෙන් සමූහ මිණිවලේ කැනීම් කටයුතු 22 වනදා සවස සිට තාවකාලකිව නැවත්වෙන බවටත් නැවත කැනීම් කටයුතු ආරම්භ වන්නේ ජනවාරී 30 වනදා බවට වෛද්‍යශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

එහිදී සිරුරු කොටස් සාම්පල ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

‘අපි දැනට දින 132ක් කැනීම් සිදු කරල තියෙනවා මේ වන විට සිරුරු 300 ක් හමු වී ඇති අතර ඉන් සිරුරු 294ක් අධිකරණයේ විශේෂ කුටියක තැන්පත් කරලා තියනවා ඉන් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු 23 ක් හමුවෙලා තියනවා සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාම සිදුවන්නේ 23 වනදා රාත්‍රියේ අපි 22 වනදා උදෑසන කාලයේ කැනීම් සිදුකරලා නවත්වනවා නැවත පටන්ගන්නේ 30 වනදා.

සිරුරු සාම්පල ඇමරිකාවට රැගෙන යන්නේ සම්පූරණයෙන්ම මගෙ භාරයේ කිසිදු අයෙකුට එහිදී බලපෑමක් කරන්න බැහැ බොහෝ විට අතුරුදහන් වූවන්ගේ පාර්ශවයෙන් නීතිඥයෙකු සහභාගී වෙයි නමුත් මට තාම සහතික කරල නැහැ ඒ අය කව්රු ආවත් ඒ අය එන්නේ නිරීක්ෂකයින් විදිහට පමණයි මගේ භාරයේ අරන්යන සිරුරු සාම්පල අදාල ආයතනයට භාර දී ආපසු එනවා සිරුරු කොටස්හි වාර්ථාවත් මට ලැබෙන්නේ වාර්ථාව ලැබෙන්න බොහෝ දුරට සති දෙකක කාලයක් ගතවෙයි වාර්ථාව ලැබුනු විගස මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා. යනුවෙනි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2018 වසරේ මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුණි.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් විසින් මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් හා පරික්ෂණ කටයුතු සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,964 Viewers
Main News