මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු 283ක් හමුවේ.. කැණීම් නවත්වයි.. සිරුරු කොටස් ඇමරිකාවට යවයි..

December 27, 2018 at 12:40 pm | lanka C news
මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු 283ක් හමුවේ.. කැණීම් නවත්වයි.. සිරුරු කොටස් ඇමරිකාවට යවයි..

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බවත් මේ වන විට සිරුරු කොටස් 283 ක් හමු වී ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.

පසුගිය 21 වනදා සමූහ මිණීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර නැවත කැනීම් කටයුතු ජනවාරි මස 02 වනදා නැවත ආරම්භ කරන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.

එමෙන්ම පවතින් අයහපත් කාලගුණය එතරම් බාධාවක් නොවනද දින ගනනාවක් එක දිගට කැනීම් සිදු කල නිලධාරීන්ට යම් විවේකයක් ලබා දීමත් නත්තල් සැමරුමත් හේතුවෙන් කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට කටයුතු කල බවට වෛද්‍ය වරයා පවසා සිටියේය.

එහිදී මන්නාරම් සමූහ මිණිවලේ සිරුරු කොටස්වල කාලනිර්ණය ඇතුලු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් ඇමරිකාවට යැවීම පිළිබඳව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ කියා සිටියේ.

‘අපි ජනවාරි මාසයේ තුනවන සතිය තුලදී වගේ සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාමට සූදානමින් සිටිනවා ඒ සඳහා මගේ නායකත්වයෙන් තමයි යන්නේ ඇමරිකාවට ගොස් සති දෙකක කාලයක් පරික්ෂාවකට ලක් කරල තමයි අපිට වාර්ථාව ලැබෙන්නේ මේ දිනවල අවශ්‍ය විදෙස්ගතවීමට අවශ්‍ය කෙරෙන වීසා ලබා ගැනීම් හා නිවාඩු ලබා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවටද කියා සිටියේය.

මේ වන විට සිදුකරන ලද කැනීම් වලදී සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 283 කට අදාළ අස්ථි මේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 274 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර මතුවු අස්ථි කොටස් අතර ළමුන් 21 දෙනෙකුගේ  යැයි සැක කරන කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී කැනීම් මගින් ඉවත් කරගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේය

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

46 views

4 Comments to “මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු 283ක් හමුවේ.. කැණීම් නවත්වයි.. සිරුරු කොටස් ඇමරිකාවට යවයි..”

  1. Nim says:

    ELLAN KANTADA ??

  2. simion says:

    අමෙරිකාවෙන් එවන වාර්තාව: මේ සියලුම අවයව කොටස් අහිංසක දෙමල මිනිසුන්ගේ…මහින්දගේ, සහ ගෝටාගේ ආරක්ෂකයන්ගේ තුවක්කුවලින් නිකුත්වූ වෙඩි උංඩ එම ඇට කැබලි වල ඉතා පැහැදිලි ලෙස දක්නට ලැබුනා..

  3. kamal says:

    පුනරින් කදවුරේ මිය ගිය අයද දන්නෙ නැ

  4. kamal says:

    Sinhala Bahsawea vinasaya gana post ekkak dannea mata liyannea deyak tiyenawa

Main News