මන්නාරම් සමූහ මිණීවල ගැන අවසන් සාකච්ඡාව අදයි..

March 22, 2019 at 8:02 am | lanka C news
මන්නාරම් සමූහ මිණීවල ගැන අවසන් සාකච්ඡාව අදයි..

මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් ඉදිරියට සිදුකරනවාද සම්පූරණයෙන්ම නවත්වන්නේද යන්න අවසන් තීරණය ගැනීම සඳහා වූ සාකච්ඡාව හෙට (22) මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන් බවට සමූහ මිණවලේ කැනීම් භාරව සිටි විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියි.

මන්නාරම් අධිකරණ ශාලාවේදී මෙම සාකච්ඡාව පැවත්වෙන අතර ඒ සඳහා මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු කැනීම් සිදු කරන ලද සියලු දෙනාම සහභාගී වන අතරම ඊට අමතරව අතුරුහන් වූවන්ගේ කාර්යාල නිලධාරීන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වීමට නියමිතව ඇති බවටද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතාකියා සිටියේය.

එම සාකච්ඡාවේදී මන්නාරම් සමූහ මිනිවලේ කැනීම් ඉදිරියටත් සිදු කරන්නේද එසේ නැතිනම් කැනීම් සම්පූරණයෙන්ම නවත්වන්නේද යන්න තීරණය කෙරෙන අතර එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2018 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ අධිකරණ නියෝගයතකට අනුව කැනීම් කටයුතු  2018 මැයි 28 වනදා ආරම්භ කල අතර මේ දක්වා සිදු කරන ලද කැනීම් වලදී මළ සිරුරු 342 ක් හමු වී ඇති අතර ඉන් සිරුරු 330 ක් ඉවත් කොට මන්නාරම් අධිකරණයේ විශේෂත කුටියක තැන්පත් කොට ඇති අතරම එම සිරුරු අතර ළමුන්ගේ සිරුරු කොටස් 30ක් වන බවද සඳහන් වෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,330 Viewers

5 Comments to “මන්නාරම් සමූහ මිණීවල ගැන අවසන් සාකච්ඡාව අදයි..”

  1. Niru says:

    How old was the Sathosa building?. I am sure it is much older than the civil unrest. These remnants should be displayed at the Colombo museum to show the atrocities committed by the Portuguese since it happened while they were occupying the Mannar island.

  2. නිමා says:

    ඔය සහභාගි වෙනවා කියන්නෙ 1700 ගනන්වල අතුරැදන් වූවන්ගෙ නෑයන්ද?

  3. මෝඩාපොළ ඥානපාල says:

    කරවපු එවුන්ගෙ නෑදෑයො.

  4. Kings says:

    ඔය පැරණි සතොස බිල්ඩිම හැදුවෙ අවුරුදු 30 කට කලින් නම් මේ ප්‍රශ්නෙ ඉවරනෙ. අනික ඊට කලින් අතුරුදහන් කලේ අපේ අහිංසක මිනිසුන්ව අර ඉංග්‍රීසි ආන්ඩු කාලෙ. දැන් මහ ලොකුවට මානව හිමිකම් ගැන කතාකරනව. අපේ මුතුන් මිත්තන්ගෙ හරක බාන, වතුපිටි, ගෙවල් දොරවල් ගිනිබත් කලා. වැව් ටික විනාශ කලා.

Main News