මන්නාරම් සමූහ මිණීවල වසා දැමීමට අධිකරණය නියෝග කරයි..

March 24, 2019 at 5:30 pm | lanka C news
මන්නාරම් සමූහ මිණීවල වසා දැමීමට අධිකරණය නියෝග කරයි..

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තාවකාලිකව මාස තුනක කාලයක් වසා දැමීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ මහතා පවසයි.

සමූහ මිණිවලේ කැනීම සිදුකල විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු පුරාවිද්‍යා ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, පොලිස් නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අනුබද්ධ නිලධාරීන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන්පාර්ෂවයන් සමඟ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වු සාකච්ජාවේදී මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ලබාදී ඇත.

දැනට කැනීම් මඟින් විවෘත කොට තිබෙන සමූහ මිනිවළ තුළින් ගොඩ ගැනීම සිදුනොකොට මිනිවළ තුළින් මතුකරගෙන ඇති අස්ථි කොටස් මාස තුනක කාලයක් විවෘතව තැබීමෙන් අදාළ අස්ථිවලට හානියක් සිදුවෙතැයි යන සැකය මත දැනට මතුව තිබෙන අස්ථි කොටස්ද පස් දමා තාවකාලිකව වසා දැමීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද සමින්ද රාජපක්ෂ වෛද්‍ය වරයා සඳහන් කළේය.

මීට අමතරව සමූහ මිනිවළ කැනීම් කටයුතු සම්බන්ධයෙන් කැනීම් කටයුතුවලට එක්වු  කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ‍ ‍ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමේ පුරාවිද්‍ය වාර්තාවද මාස තුනක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් ලබාදෙන ලදි.

අදාළ වාර්තාවන් ඉදිරිපත්වීමෙන් අනතුරුව සමූහ මිනිවළ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන අතර,ඉදිරි දිනකදී විනිවිද භාවයෙන් යුතුව සියළු පාර්ශව ඉදිරියේ සමූහ මිනිවළ තුළින් මතුවු අස්ථි කොටස් තාවකාලිකව පස් දමා වසා දැමීම සිදුකිරීමට නියමිත බව මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතා නියෝග කොට සිටියේය.

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබීමෙන් අනතුරුව අදාළ වාර්තාව මහජන ලියවිල්ලක් ලෙස අධිකරණය මගින් 07 වැනිදා නිකුත් කරනු ලැබීය.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව ඇමරිකාවේ ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට යොමු කෙරිණ.

එම දත්ත වාර්තා අධ්‍යයනයේදී පෙනී ගියේ අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය විය.

සමූහ මිනිවළ තුළින් මාර්තු 08 වැනිදා වන විට දින 156 ක කාලයක් කැනීම් පැවැත්වු අතර, එම කාලය අතරතුර මිනිවළ තුළින්  මිනිස් සිරුරු 342 ක අස්ථි කොටස් ‍මතුකර කරගෙන තිබිණු අතර මතුකරගත් සිරුරු තුළින් මිනිස් සිරුරු 330 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවද වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි 2017 මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15,090 Viewers

2 Comments to “මන්නාරම් සමූහ මිණීවල වසා දැමීමට අධිකරණය නියෝග කරයි..”

  1. 77 UNP says:

    ළමිනී විකුණලා වාසියක් ගන්න බලහිටි TNA, NGO සහ බටහිර නඩේ දැන් තවත් වලක් හොයපල්ලා. හරක් කටු වුනත් කමක් නැහැ.

  2. WHY YOUR TAMIL DIASPORAWA NOT GOING TO FILE THE CASE AGAINST EUROPEANS PRUTHUGEESI,LANDESI AND BRITISH

Main News