මන්නාරම් සූමූහ මිනිස්වලේ මිනිස් සිරුරු 312ක් දක්වා ඉහලට.. ළමා සිරුරු 26 ක් ඒ අතර..

February 7, 2019 at 2:06 am | lanka C news
මන්නාරම් සූමූහ මිනිස්වලේ මිනිස් සිරුරු 312ක් දක්වා ඉහලට.. ළමා සිරුරු 26 ක් ඒ අතර..

මන්නාරම සමූහ මිනිස් වලේ අස්ථි සාම්ඵල ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව නැවත නැවත සිදු කල කැනීම් වලදී 06 දින  වන විට මිනිස් සිරුරු 312 ක් හමු වී ඇති අතර එම සිරුරු අතර ළමා ළමා සිරුරු 26 ක් දක්වා වැඩි වී ඇති බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු 139 වන දිනට සිදුවන අතර හමු වූ මිනිස් සිරුරු 312 න් මිනිස් සිරුරු 297 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන එම අස්ථි මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කොට ඇති බවට වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේය.

ඇමරිකාවට යවන ලද අස්ථි සාම්ඵලයන්හි කාල නිර්ණ වාර්ථාව මේ මස 08 හො 09 යන දිනයන්හි ලැබෙනු ඇතිය අපේක්ෂා කරන අතරම අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබඳ වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවද වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලීසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර අනතුරුව මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ කැනීම් පරීක්ෂණ පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,299 Viewers

One Comment to “මන්නාරම් සූමූහ මිනිස්වලේ මිනිස් සිරුරු 312ක් දක්වා ඉහලට.. ළමා සිරුරු 26 ක් ඒ අතර..”

  1. gonsun says:

    These bodies are from poor Sinhalese men, women and children massacred by LTTE.

Main News