මන්නාරම් සූමූහ මිනිස්වලේ සිරුරු 315ක් හමුවේ.. ඇමරිකාවේ වාර්තාව අනිද්දා..

February 12, 2019 at 5:30 pm | lanka C news
මන්නාරම් සූමූහ මිනිස්වලේ සිරුරු 315ක් හමුවේ.. ඇමරිකාවේ වාර්තාව අනිද්දා..

මන්නාරම සමූහ මිනිස් වලේ සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු 315 ක් හමු වී ඇති බවටත් සිරුරු සම්බන්ධයෙන් වන කාල නිර්නය වාර්ථාව ඇමරිකාවෙන් ලබන 14 වනදා බලාපොරොතු විය හැකි බවට  සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු 142 වන දිනට සිදුවන අතර හමු වූ මිනිස් සිරුරු 315 න් මිනිස් සිරුරු 307ක කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන එම අස්ථි මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කොට ඇති අතර ඒ අතර කුඩා ළමුන්ගේ බවට සැකකෙරෙන ඇටසැකිලි 26ක් ඇති බවට වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේය.

ඇමරිකාවට යවන ලද අස්ථි සාම්ඵලයන්හි කාල නිර්ණ වාර්ථාව ලබා දීමට වැඩකරන දවස් 14 ක කාලයක් ඇමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගාර විශේෂඥයින් ඉල්ලා ඇති අතර එම කාලය අනුව පෙබරවාරී 14 වනදා පමණ කාල නිර්ණ වාර්ථාව ලැබෙනු ඇති බවටත් අදාල වාර්ථාව තමන්ට ලැබුනු විගස මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවටද අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලීසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර අනතුරුව මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ කැනීම් පරීක්ෂණ පවත්වයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,988 Viewers

Leave a Comment

Main News