මන්නාරමෙන් නීතිවිරෝධී බීඩි කොළ 1537ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට….

June 8, 2019 at 2:06 am | lanka C news
මන්නාරමෙන් නීතිවිරෝධී බීඩි කොළ 1537ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට….

මන්නාරම පෙරියගාමන් හා තාවල්පාඩු ප්‍රදේශයේ දින දෙකක් තුලදී ස්ථාන දෙකකදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ1537 යි ග්‍රෑම් 300 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරියගාමන් ප්‍රදේශයේ පිහිටි ළි මෝලක් පිළිබඳව ලැබුනු බුද්ධි තොරතුරකට අනුව 03 වනදා රාත්‍රියේ නාවික හමුදා සෙබලුන් හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් එක්ව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩිකොළ කිලෝ 526 ක් සමග කැබ් රථයක් සහ ලී මෝලේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මන්නාරම තාවල්පාඩු ප්‍රදේශයේ (04) දින මුහුදු වෙරලට තිබූ පාර්සල් 33 ක් සෝදිසි කර බැලීමේදී එහි තිබී නීතිවිරෝධී බීඩි කොළ කිලෝ 1011 යි ග්‍රෑම් 300ක් සොයාගත්  අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත බවට නාවික හමුදාව පැවසීය.

අදාල නීතිවිරෝධී බීඩිකොළ ඉන්දියාවේ සිට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ බීඩිකොළ තොගය ඉදිරි නීතිමය පියවර සඳහා යාපනය රේගු කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදා විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

810 Viewers