මන්නාරමෙන් නීතිවිරෝධී බීඩි කොළ ටොන් එකක් සොයාගනී…

June 26, 2019 at 5:30 pm | lanka C news
මන්නාරමෙන් නීතිවිරෝධී බීඩි කොළ ටොන් එකක් සොයාගනී…

නාවික හමුදා සෙබලුන් පිරිසක් විසින් ඊයේ දින මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී බීඩි කොළ කිලෝග්‍රෑම් 939.2 ක් සොයා ගෙන ඇත.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වෙරළේ අතහැර දමා ගොස් තිබූ මෙම බීඩි කොළ තොගය සොයා ගෙන තිබේ.

සොයාගන්නා ලද එම බීඩි කොළ තොගය පාර්සල් 45 ක් තුල අසුරා තිබු අදාල බීඩිකොළ තොගය කව්රුන් විසින් ගෙන එන්නට ඇත්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැත.

සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කොට ඇති අතර මෙම වසර තුලදී පමණක් බීඩි කොළ කිලෝග්‍රෑම් 16500 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනිමට කටයුතු කර තිබේ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,219 Viewers
Main News