මන්නාරමේ හමුදා මෙහෙයුමක්.. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් දේ මෙන්න…

May 9, 2019 at 12:00 pm | lanka C news
මන්නාරමේ හමුදා මෙහෙයුමක්.. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් දේ මෙන්න…

මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා පතුරම් සමග කිනිසි තොගයක් ලඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම 54 සේනාංකය විසින් තාරතාපුරම් ප්‍රදේශයේදී  සිදුකල සෝදිසි මෙහෙයුමකදී එක් මුස්ලිම් සැකකරුවෙකු නුජුමුදීන් මොහොමඩ් නැමත්තා සමීපයේ කිනිසි 06 ක් සහ පිස්තෝලයක් සමග පිස්තෝල සඳහා භාවිතා කරන පතුරම් 386ක් තිබී ඇති අතර අනෙක් සැකකරු වූ මොහොමඩ් නජීර් මොහොමඩ් නැමති සැකකරු ලඟ සිම් කාඩ් 286 ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට යුද හමුදාව විසින් මන්නාරම් පොලීසියට භාර දී ඇති අතර මන්නාරම් පොලීසිය විසින් අදාල සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

56,345 Viewers

3 Comments to “මන්නාරමේ හමුදා මෙහෙයුමක්.. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් දේ මෙන්න…”

  1. LION says:

    උතුරු නැගනහිර පළාත්වල පෙර පැවති හෙළ නම් නැවත බාවිතා කල යුතුය හමුදාව නැවත විසාල කල යුතුය

  2. එතකොට තේරෙයි ඔබලට. says:

    රට නිදිගත් රාත්‍රියක – හමුදා නිල ඇඳුම් ඇඳන් – කඩුත් තුවක්කුත් අරගෙන – රට අල්ලාගත්තා නම් – එතකොට තේරෙයි ඔබලට.

  3. Citizen says:

    Send all suspects to Batalanda for detail interrogation as did in 1987/88 by same UNP in white vans.

Main News