මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..

May 28, 2019 at 8:02 am | lanka C news
මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..

මන්නාරම උදයපුරම් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 125.695 ක් අත්අඩංගුවට ගෙන ඇත.

පළමුව උදයපුරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු කේරල ගංජා කිලෝ 5 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩි දුර ප්‍රශ්න කිරීම්වලින් පසුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකය හා යුද හමුදාවේද සහය ඇතිව සගවා තිබූ සෙසු කේරල ගංජා තොගය සොයාගැනීමට සමත්ව තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි මෙහෙයුම් සඳහා දායකත්වය දී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරල ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා පේසාලෙයි පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,277 Viewers

One Comment to “මන්නාරමේදී කේරල ගංජා කිලෝ 126ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට..”

  1. LION says:

    හනුමා පාලම දැම්ම නම් කොහොම තියේද?

Main News