මන්නාරමේදී වියලි කහ කිලෝ 235ක් අත්අඩංගුවට….

August 23, 2021 at 2:18 am | lanka C news
මන්නාරමේදී වියලි කහ කිලෝ 235ක් අත්අඩංගුවට….

ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 235 ක් සහ වියලි කහ ප්‍රවාහනය කිරීමට යොදාගත් කරත්තයක් මන්නාරම ඕලුතුඩුවායි වෙරල තීරයේදී 22 අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඕලුතුඩුවායි මුහුදු තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල කහ තොගය අඩංගු උර 07 ක සඟවා තිබියදී මෙලෙස සොයාගනු ලැබීය.

මෙම වියලි කහ තොගයන් ඉන්දියාවේ සිට මන්නාරමට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ගොඩබිමේ සිටකරත්තයක ආධාරයෙන් රැගෙනයාමට ජාවාරම් කරුවන් උත්සහ ගන්නා අවස්ථාවේදී නාවික හමුදා මුර සංචාරයන් දැක වියලි කහ තොගයන් රැගෙනයාමට නොහැකිව දමා යන්නට ඇති බවට නාවිකහමුදාව සැක පල කර සිටියි.

අත්අඩංගුවට ගත් වියලි කහ තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකෙරෙන තුරු නාවික හමුදාව භාරයේම තැබීමට පිවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,694 views

6 Comments to “මන්නාරමේදී වියලි කහ කිලෝ 235ක් අත්අඩංගුවට….”

  1. Officer says:

    In terms of section 136 of the Customs Ordinance, these smuggled Turmeric should be handed over to the proper officer in the nearest Customs office within reasonable time and if not shall be fined a sum not exceeding one hundred thousand rupees.

  2. Sasrasi says:

    කහ අඩුවට ගන්න තැනක් කියන්න කෝ කවුරු හරි . ඒ තිබ්බත් පාන් පිටි නේ . කහ 100 ක් ගන්න එකෙන් පිටි පැකට් එකක් ගන්න පුලුවන් . ආවා විතරයි අඩුවට තිබුන කහ වලට මොකද කලේ .

    • හොඳටම කරන ස්ටෝර්ස් says:

      අඹුල්දෙනිය හන්දියේ කඩයක් තියනවා. කලවම් නැහැ. බඩු හොඳයි ගාණ ටිකක් වැඩියි. හැබැයි කඩේ නිතරම අරින්නේ නැහැ. ඉරිදා සෙනසුරාදා ගිහින් බලන්න. පොල් මූඩ්ඩ ක් වගේ උඩු රැවුලක් තියන අත්කොට ශර්ට් එකක් ඇඳන් ඉන්න වයසක මුදලාලි කෙනෙක් ඉන්නවා. මමත් ගත්තේ මිනිහා ගෙන් තමා.

  3. Kuma says:

    හොඳටම කරන stores තේරුම් ගත් අය අත උස්සන්න .😂😂

  4. තේරුම් ගත්ත මාමේ. ඒත් ටිකක් අබිලික්. කහ..කහ..කල්පනා කොරන්න. බොන්නම වෙනවාමයි says:

    මගෙ දෙයියා මාර ස. ටෝර්ස්….එකක්. කාලෙකින් නම් විසදෙන්නේ නෑ. මං හිතන්නේ ඒ මමා හරි මාමා වැඩි පිඩි ඉල්ලලා ඔන් ලයින් වර්ජනය කරන ගමන් ලීයපූ ඉස්කෝලෙක ඉන්ගි …රිසි ටීචර් කෙනෙක් වෙන්ටැති.

  5. Dilini says:

    Kaha kiyanne bayanaka mathdrawyakda?

Main News