මන්නාරමේදී වෙඩිතැබීමක් වැසියෙක් අනූනවයෙන් බේරෙයි…

May 20, 2018 at 2:06 am | lanka C news
මන්නාරමේදී වෙඩිතැබීමක් වැසියෙක් අනූනවයෙන් බේරෙයි…

මන්නාරම උයිලන්කුලම් ප්‍රදේශයේ පිහිටි නිවසක් ආසන්නයේ රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.

උයිලන්කුල්ම ප්‍රදේශයේ පිදිංචි ජේසුදාසන් ස්වාමිපිල්ලෙයි නැමැති වැසියාගේ නිවස ආසන්නයට පැමිණි අට දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර වෙටඩි තැබීම සිදු කරන අවස්ථාවේදී ජේසුදාසන් ස්වාමිපිල්ලෙයි නිවසින් පැන යාම නිසා ඔහුගේ ජීවිතය බේරුනු බවට ඔහු විසින් පොලීසිය පවසා ඇත.

එසේම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අදාල වෙඩි තැබීම සම්බන්ධයෙන් මන්නාරම් පොලීසිය වැඩි දුර පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11 views
Main News