මන්නාරමේ ගම්මාන දෙකක් Lock Down.. රදගුරු නිවස වසා දමයි..

October 11, 2020 at 10:02 pm | lanka C news
මන්නාරමේ ගම්මාන දෙකක් Lock Down.. රදගුරු නිවස වසා දමයි..

මන්නාරමේ මට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන දෙකම කොවීඩ් 19 වයිරස්කාරකයේ අවධානම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු අද (11) සවස සිට හුදකලා කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.

මීට පෙර මන්නාරම රදගුරු නිවසෙන් වාර්ථා වූ කොරෝණා වියරස් ආසාදිතයින් අදාල ගම්මානයේ සැරිසැරූ බවට තොරතුරු වාර්ථා වීමත් සමග ආක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් එක්ව අදාල ගම්මානය හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

මන්නාරම කතොලික දේවස්ථානයේ සේවය කරන ලද මේෂන් බාස්වරයෙකුට පළමුව කොරෝණා වයිරසය ආසාදනවී වී ඇති බවට වාර්ථා වීමෙන් පසුව ඔහු ඇසුරු කරන ලද තවත් පුද්ගලයින් 05 දෙනෙකුට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ් වලදී තහවුරු වූ අතරම තවත් පුද්ගලයින් 40 දෙනෙකු පමණ නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති බවටද පොලීසිය පවසයි.

මේ අනුව අදාල ගම්මානයන්හි ජනතාවට සෞඛය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙසටත් උපදෙස් ලබා දී ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් සැපයීමටද ආරක්ෂක අංශ හා සෞක්‍ය නිලධාරීන් විසින් කටයුතු යොදා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,625 views

One Comment to “මන්නාරමේ ගම්මාන දෙකක් Lock Down.. රදගුරු නිවස වසා දමයි..”

  1. ගිරවා says:

    මන්නාරම කතොලික දේවස්ථානයට දේව සාපය ලැබිලා අපේ රටට කරන දේශද්‍රෝහී ක්‍රියා වලට ..කොටි පාදිලි රායප්පු ඉන්නේ මන්නාරමේ

Main News