මන්නාරමේ පල්ලියක් අසල තිබී ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි…

March 7, 2019 at 8:02 am | lanka C news
මන්නාරමේ පල්ලියක් අසල තිබී ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි…

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිත කළැයි සැලකෙන කිලෝග්‍රෑම් තුනක් පමණ බරින් යුත් දිරාගිය ක්ලේමෝ බෝම්බයක් මන්නාරම, පෙරියකඩෙයි මුස්ලිම් පල්ලිය අසල පිහිට කුණු කානුවකින්  06 දින ගොඩ ගත් බව මන්නාරම පොලිසිය පවසයි.

මුස්ලිම් පල්ලිය අසළ පිහිටි කුණු කානුවක් පවිත්‍රකරමින් සිටි මන්නාරම නගරසභාවේ සේවකයින් පිරිසකට මෙම ක්ලෝමෝ බෝම්බය හමුවීමෙන් පසුව නගරසභා සේවකයින් වසින් මන්නාරම් පොලීසියට මේ බව දැනුම් දී ඇත.

අදාල ස්ථානයට පැමිණි මන්නාරම් පොලීසිය විසින් ක්ලේමෝ බෝම්බය රැගෙන ගිය අතර එම බෝම්බය කිසිවෙකු විසින් එම ස්ථානයට ගෙන දැමුවේද නැතිනම් එම ස්ථානයේ යුද කාලයේ  සිට තිබුණේද යන්න පිළිබඳව සොයාබලන බව පොලිසිය කියයි.

සොයාගත් ක්ලේමෝ බෝම්බය ආරක්ෂිතව ඉවත් කිරීම සහ නිශ්ක්‍රීය කිරීම සඳහා මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායට බාරදීමට නියමිත බවද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

66 views
Main News