මන්නාරමේ මිහිදන් කළ සිරුරු 15 ක් ගොඩගනියි…
December 5, 2017 at 12:40 pm | lanka C news
මන්නාරම තලෙයි මන්නාරම මාර්ගයේ පැවති කනත්තක වල දමා තිබූ සිරුරු 15 ක් ඊයේ (04) සවස මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ ඉදිරිපිටදී ගොඩගනු ලැබීය.
මීට වසර 10 කට පමණ පෙර මන්නාරම පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබු මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බව මන්නාරම පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිරුරු ගොඩ ගැනීම සිදුකළ බවටයි.
අදාළ කනත්ත කලින් කතෝලික කනත්තක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබු අතර, අනතුරුව අදාළ කනත්ත තුළ සියළු දෙනාගේ සිරුරු මිහිදන් කොට ඇති බව ප්‍රදේශවාසීන් පවසති.
මෙසේ ගොඩ ගත් මළ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ කනත්තක් තුළ නැවත මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ සිරුරු ගොඩගෙන ඇති බවද මන්නාරම පොලිසිය පැවසීය.
මන්නාරම කතෝලික සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට අදාළ සිරුරු ගොඩගත් බවද පොලිසිය සදහන් කළේය.
මන්නාරම පොලිසිය වැඩි දුරටත් පැවසූවේ ගොඩගත් සිරුරු මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම නැවත නව කනත්තේ මිහිදන් කළ බවයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මුන්ට පිස්සු… මැරිලා අවුරුදු 10 ක් ගිහිල්ලා පොළොවට පස් උනාට පස්සේ ආයේ මොන ආගමක්ද?
ලොකුද දන්නේ නෑ කතෝලික….
ane moda haththa.
ඒ කියන්නෙ මෙතන ප්‍රශ්නෙ වෙලා තිබිල තියෙන්නෙ සියලු ජන වර්ග වල අය මිහිදන් කරපු තැනක් වීම. අනේ අනිච්චං !. කතාව සහජීවනෙන් සංහිදියාවෙන්. මැරිල ඉන්න තැනටත් ෆෙඩරල්.
pissu
බුද්ධගම් කාරයෙක් ආගමික කටයුත්තක් කළොත් කලු සුද්දන්ට ඉන්න බෑ…ආගම් වාදය…ජාතිවාදය…මේවා මොනවද කල්ලතෝනි වාදයද?
අපේ උන්ටත් පිස්සු
මැරුණූ උන්වත් බෙදා වෙන් කරනවා
Foolishness at its best.
Apita agamath epaa karanawaa
bawuddayo me wage wadak karanam ara pisu gipsiya sunil perethaya puara wasi balla ka gahayi. komodan sanhidyawa gana kianne nadda.