මන්නාරමේ සිට අනුරාධපුරය තෙක් බිම පෙරලෙමින් සාම ගමනක…

February 7, 2019 at 4:40 pm | lanka C news
මන්නාරමේ සිට අනුරාධපුරය තෙක් බිම පෙරලෙමින් සාම ගමනක…

ශ්‍රීලංකාවේ සියලු ජාතීන් අතර සාමය සංහිදියව වර්ධනාය වේවා යන අධිෂ්ඨානයෙන් යුතුව මන්නාරම සිට අනුරාධපුර දක්වා වූ කිලෝමීටර් 150 ක දුර ප්‍රමාණයක් බිම පෙරලී යමින් දේව කන්නලව්වක් සිදු කිරීමට මන්නාරමේ හින්දු බැතිමතෙකු විසින් පියවර ගෙන ඇත.

මන්නාරම තිරුකේදීස්වරන් හින්දු කෝවිලේ සිට අනුරාධපුර කදිරේශන් කෝවිල දක්වා ප්‍රධාන මාර්ගය ඔස්සේ බිම පෙරලෙමින් අධිෂ්ඨාන සාම ගමන අරඹා ඇති මෙම පුද්ගලයා 05 වනදා ගමන් අරඹා ඇති අතර දිනකට උදෑසන සිට රාත්‍රිය වන තුරු හැකි තරම් කාලයක් බිම පෙරලී ගමන් කිරීම අධිෂ්ඨාන කරගෙන ඇත.

අදාල හින්දු බැතිමතා බිම පෙරලෙන විට ඔහුගේ හිතවතුන් හා ඥාතීන් පිරිසක් විසින් මාර්ගයේ බිම පෙරලෙන පෙදෙසේ ගෝනි හා පඩංගු යොදන අතර එය කොතෙක් අසීරු කටයුත්තක් වුවුද මහත් ආශාවකින් හා සතුටකින් යුතුව සිය ගමන සිදු කරන බවට මෙම හින්දු බැතිමතා කියා සිටියේය.

ලංකාවේ ආගම් අතර භේදයක් ඇති නොවිය යුතු බවටත් විශේෂයෙන්ම ආදි කාලයක සිට පැවත එන සිංහ දෙමළ බැඳීම කිසිදු හේතුවක් නිසා බිඳීමකට ලක් නොවී එය ශක්තිමත් කර දෙන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා තමන් මෙම අධිෂ්ඨාන සාම ගමන අරම්භ කල බවට ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,850 Viewers

8 Comments to “මන්නාරමේ සිට අනුරාධපුරය තෙක් බිම පෙරලෙමින් සාම ගමනක…”

  1. sam says:

    mehew ratak!!!

  2. සිංහල බන්ඩා says:

    නමුත් එකම මැවුම්කාර දෙවියන් වන අල්ලා තම අවසාන ප්‍රොෆට් මගින් කියා ඇත්තේ ඉස්ලාම් ආගම පමනක් සත්‍ය බවත් අනෙක් ආගම් අදයන්නන්ට බදු ගැසිය යුතු බවය්.

  3. Saradiel says:

    මිට වඩා හොදයි රට බෙදන්න ඉල්ලන අය පාර දිගේ කකුල් දෙකෙන් ඇදගන යෑම

  4. Ranjith Somawansa says:

    Mama wagema ahinsaka minihek

  5. Gotaimbara says:

    Hats off to your thoughts and efforts. Good luck.

  6. Xenophon says:

    අධිෂ්ඨානය සාර්ථක වේවා . ප්‍රාර්ථනය ඉටු වේවා . සියලු දෙවි පිහිටයි.

    • Vasana says:

      දැන් කාලේ ඉන්න දෙවිවරුන්ව දේශපාලකයෝ කප්පන් දීලයි අල්ලන් ඉන්නේ ..හැම කෝවිලකම දෙවියන්ට බාර වෙනවා කියලා දෙන්නේ කප්පන් ..කෝවිලේ කපුවෝ පෝසත් වීම පමණයි සිදු වන්නේ … ඒක ලොකු බිස්නස් එකක් …..
      දෙවියෝ කොයි කාලේද දේශපාලනය කලේ ,,මේවගේ මෝඩයෝ ..හික්..හික්//

  7. CAT says:

    සාමය සංහිදියව වර්ධනය අවශ්‍යනම් පාරේ පෙරලීමෙන් ප්‍රයෝජනක් නැත ..ජාතිවාදී TNA දේශපාලකයන් සහ විග්නේශ්වරන් වැනි දෙමළ ඊළම්වාදීන් උතුරෙන් නෙරපා දමව් ..
    .LTTE ත්‍රස්තවාදී සමයේ යුරෝපයේ දෙමළ හින්දු ( Sri Kamadchi Ampal Tempel, Hamm )කෝවිලේ උත්සව දිනවල කොටි ලාන්ජනය එල්ලා ගත් LTTE ත්‍රස්තවාදීන් පාරේ පෙරලි පෙරලි කෝවිල කරා ගියෙත් ඔය වගේමයි …ඒවා දුටු සුද්දෝ කිව්වේ මේ වගේ මෝඩ මිනිස්සු උන්ගේ පව් ගෙවනවා කියලා

Main News