මන්නාරම ශිලාවතුර නාවික හමුදා කඳවුර ඉවත් කරන්නැයි අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති..
February 24, 2019 at 12:40 pm | lanka C news
මන්නාරම,මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුර ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් තුළ ස්ථාපිත කොට ඇති නාවික හමුදා කඳවුර ඉවත් කොට අදාල ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් මේ වන වට සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.
පසුගිය 20 වනදාද අදාල මුල් ඉඩම් ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් විසින් විරෝධතාවක් සිදු කලද එයට විසඳුමක් නොලැබීම හේතුවෙන් ඊයේ (23) දින ප්‍රදේශවාසීණ් විසින් විරෝධතාවක් පවත්වා අදාල ඉඩමේ අට්ටාලයක් ගසා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත්තේ තම ඉල්ලීම් ලබා දෙන ලෙසටය.
යුදමය තත්ත්වය හේතුවෙන් 1990 වසරේ සිලාවතුර ප්‍රදේශයේ තම ඉඩම් අතහැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කඳවුරු වෙත ගොස් ජිවත්වු බවත් යුද සමයේදී තමන්ගේ ඉඩම්වල නාවික හමුදාව කඳවුරක් ඉදිකොට තිබුනද යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමනගේ මුල් ඉඩම් තමන්ට නැවත ලබා නොදීම හේතුවෙන් තමන් දැඩි සේ අසරණව සිටින හෙයින් අදාල ඉඩම් නැවත ලබා දෙන ලෙසටද මුල් ඉඩම් නොලැබීම හේතුවෙන් 2009 වසරේ සිට තමන් නැවත වතාවක් අවතැන්ව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටින බවත් වර්තමානයේ යුද්ධයක් නොමැති බැවින් නාවික හමුදාව සිය කඳවුරක් වෙනුවෙන් පවරාගෙන ඇති සිලාවතුර මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් අක්කර 35 ක භූමි ප්‍රමාණය නැවත ලබාදෙන ලෙසට විරෝධතා කරුවන් වැඩි දුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Ow. Ewathkaranna camp eka
Kudu muhuden genna baadawak eka tiyenaeka
මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, වවුනියා මන්නාරම ප්‍රධාන මාර්ගයේ සිට මුරුග්ගන් මාර්ගයේ (B 299) සිලාවතුර දෙසට ගමන් කරන විට හමුවන ආනිමරිප්පු වැවේ පෝෂක ප්‍රදේශය වන මාවිල්ලු රක්ෂිතය අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ මුලිකත්වයෙන් ඩෝසර් 4ක් යොදාගන 05-08-02016 දින වනවිටත් හෙළි කරමින් පවතී. විශාල ශාක ප්‍රමාණයක් මේ වනවිටත් බිම හෙලා ඇත.
මේ පිලිබදව, වන විනාශයේ නියැලෙන පුද්ගලයන්ගෙන් විමසූ විට මෙය රිෂාඩ් ගේ ව්‍යාපෘතියක් බවත් අවශ්‍ය දෙයක් ඔහුගෙන් විමසන ලෙසත් සදහන් කර සිටියා.