මන්නාරම සමූහ මිණීවලේ ඇමරිකානු කාබන් වාර්ථාව ලැබෙයි…

February 17, 2019 at 6:48 pm | lanka C news
මන්නාරම සමූහ මිණීවලේ ඇමරිකානු කාබන් වාර්ථාව ලැබෙයි…

මන්නාරම් සමූහ මිණිවලෙන් හමු වූ සිරුරු පිළිබඳ වූ කාල නිරණය කාබන් වාර්ථාව ඇමරිකාවේ රසායනාගාරයෙන් විද්‍යුත්  තැපෑල මාර්ගයෙන් 16 වනදා දැනුම් දී ඇති බවට සමූහ මිණීවලේ කැණීම් කටයුතු භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

අමරිකාවේ ෆොරීඩාහි පිහිටි රසායනාගරය වෙතට මන්නාරම් සමූහ මිණිවලෙන් හමු වූ සිරුරු වල සාම්ඵල 6 ක් ලබාගෙන භාරදුන් අතර 16 වනදා අදාල සාම්ඵල 6න් සාම්ඵල 5ක කාබන් වාර්ථාව විද්‍යුත් තැපෑල දැනුම් දී ඇති බවටත් අනෙක් සාම්ඵලයේ වාර්ථාව නුදුරු දිනක ලැබෙනු ඇති අතරම මේ වන විට ලැබී ඇති කාබන් වාර්ථාව විද්‍යුත් තැපෑලෙන් පිටපත් ලබාගෙන සියල්ල පිළිවලකට සකසා ලබන 20 වනදා මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා අතරම 21 වනදා කැනීම සිදුකරන පිරිස් හා මන්නාරම් මහෙස්ත්‍රාත් තමන් හමුවී  අදාල කාබන් වාර්ථාව පිළිබඳව සාකච්ඡාවක් සිදු කිරීමට සූදානමින් සිටින බවටද වෛද්‍ය සමින්ද රාජපක්ෂ කියා සිටියේය.

මේ අතර මන්නාරම් සමූහ මිණීවලේ සිදු කරන ලද කැනීම් වලදී දින 146 ක්පුරාවට සිදු කරන ලද කැනීම් වලදී මිනිවළ තුළින්  මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිසුරු අතර ළමුන් 28 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතියි.

එමෙන්ම සමූහ මිණිවලේ කාබන් වාර්ථාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම වාර්ථාව ඇතුලත් කරුණු සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයන්ට අනුව මාධ්‍යට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇති බවටද වෛද්‍ය සමින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේය.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්වවිද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැණින.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,285 Viewers

2 Comments to “මන්නාරම සමූහ මිණීවලේ ඇමරිකානු කාබන් වාර්ථාව ලැබෙයි…”

  1. Koti says:

    අනුමානයක් නෑ ඔය කොටි මරපු මිනිස්සු

  2. gonsun says:

    Englishmen massacred sinhalese during colonial times and buried them.

Main News