මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 288 දක්වා ඉහලට,,,

January 8, 2019 at 12:40 pm | lanka C news
මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 288 දක්වා ඉහලට,,,

මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුලුල් කිරීමෙන් පසුව කැනීම් කටයුතු නැවත ආරම්භ කළ බවටත් අද (08) වන විට සිරුරු 288 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් අද (08) දිනයේදී 126 වන දිනට සිදු කෙරෙන අතර මේ දක්වා හමු වූ සිරුරු 288 න් සිරුරු 178 ක් වෙන් කොට මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කොට ඇති බවට වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිණීවල පිහිටා ඇති අතර එහිදී දෙවන වතාටත් සමූහ මිණීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට  පුලුල් කිරීමෙන් පසුව කැනීම් කයුතු අරඹා ඇත.

මේ අතර සමූහ මිණීවලේ මිනිස් ඇටසැකිලි එකපිට එක පිහිටන සේ සිරුරු හමු වීම මිනීවලේ කැනීම් කටයුතු ආරම්භක අවස්ථාවේ සිට හමු වූ බවටත් සිරුරුවල සාම්පල මේමස අවසන් වීමට පෙර ඇමරකාවේ ෆොරීඩාහි පිහිටා ඇති රසායනාගාරය වෙතට රැගෙන යාමට සූදානමක් ඇති බවටත් ඇමරිකාවට රැගෙන යාමෙන් පසුව සති දෙකක කාලයක් පුරාවට පරික්ෂණ සිදුකොට වාර්ථාව ලබා ගැනීමට පියවර ගෙන ඇති බවටද විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,677 Viewers

3 Comments to “මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 288 දක්වා ඉහලට,,,”

  1. ඔය මිනී වල තාම තියාගෙන ආනන්නේ කාගේ වුවමනාවකටද …..ඔතනින් එක ඇටයක් රට යවලා කාල නීර්ණාය කරල ..ඉතුරු ටික කරගෙන යන්න කියල කියන්න කෙනෙක් නැද්ද ?..

  2. LION says:

    මන්නාරමේ සමූහ මිනිවල යයි කියැවෙන ස්ථානයෙහි ස.තො.ස. ගොඩනැගිල්ලක් පිහිටා තිබුණද කලින් කොටි සංවිධානයට සම්බන්ධ අතුරු සංවිධානයක කාර්යාලයකි. ප්‍ර දේශයේ ජනතාව පවසන පරිදි එහිද වධකාගාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. එසේ නම් මේ මතු වන්නේ කිනම් පිරිසකගේ යුධ අපරාධයන්දැයි ප්‍රශ්ණ කරන්නට අපට අවස්ථාව ලැබී තිබේ. මෙම මිනී වලෙන් ලැබුණු ඕලන්ද සමයට අයත් භාජන කොටස් සහ වීදුරු පබළු වලින් සනාථ වන එක් සත්‍යක් ඇත.එනම් මෙම මිනී වල පිරවීම සඳහා වැලි හෝ පස් සපයා ගන්නට ඇත්තේ මාන්තායි වරාය අසල භූමියකින් බවයි.එසේ නම් මන්නාරම අවට සිටි සිංහල සහ මුස්ලිම් ජනගහනයත් ඔවුන් පදිංචිව සිටි ප්‍ර දේශත් පිළිබඳව සොයා බැලීම මේ පරීක්ෂණයට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සැලකෙන බවයි. කාල නිර්ණයෙන් පසු ඝාතන අවස්ථාව හඳුනාගත හැකි වුවද ඝාතනයට ලක් වූවන් කවුරුන්දැයි තේරුම් ගත හැක්කේ එවැනි සමාජ ගවේශණයකිනි.එම නිසා මෙම සමූහ මිනී වලෙන් මතුවන සත්‍යය තුළින් ජිනීවා පච වේදිකාව දෙදරිය හැකි බව අප පෙන්වා දිය යුතුය.

  3. LION says:

    මන්නාරම් වැනි ප්‍ර දේශ වල මිනී වලවල් හාරන්නේ නම් තිරුකෝවිල් වල ඝාතනය වූ පොලිස් භටයන් ගැනද සෙවීමට අපට අවස්ථාව දැන් ලැබී ඇත.

Main News