මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 300 වාර්ථාවෙයි.. කුඩා ළමුන්ගේ සිරුරු 23 තෙක් ඉහලට…

January 16, 2019 at 12:40 pm | lanka C news
මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 300 වාර්ථාවෙයි.. කුඩා ළමුන්ගේ සිරුරු 23 තෙක් ඉහලට…

මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුලුල් කිරීමෙන් පසුව සිදු කරන ලද කැනීම් වලදී අද (16) වන විට සිරුරු 300 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

පසුගිය ජනවාරී 11 වනදා සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු තාවකාලිකව නැවත්වීමෙන් පසුව 130 වන දිනට අද දිනයේදී සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු නැවත ආරම්භ කොට ඇත.

මේ අනුව හමු වූ සිරුරු 300 න් සිරුරු 294 ක් වෙන් කොට මන්නාරම් අධිකරණයේ විශේෂ කුටියක ආරක්ෂිතව තැන්පත් කොට ඇති අතරද එසේ හමුවූ සිරුරු වලින් ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 23 ක් වෙන් කොට ඇති බවටද වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු කොටස් ඇමරිකාවට රැගෙන යාම පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ,

‘මන්නාරම මහේස්ත්රාෂවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකළා සියළු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නවා.

‘කාබන් පරික්ෂාවට ඇමරිකායට යන අවස්ථාවේදී මිණිවලේ කැනීම් කටයුතු බොහෝදුරට නවත්වන්න වෙයි මම මෙතන නැති නිසා මේ සම්බන්ධව තීරණයක් අපි ඉදිරි දින කිහිපයේදී ගන්නවා මන්නාරම් මහෙස්ත්‍රාත් තුමත් සමග සාකච්ඡා කරල ඒ ගැන මේ සතිය අවසානයේ දැනුම් දෙන්න හැකි වෙයි. යනුවෙනි

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයේ සමූහ මිණීවල පිහිටා ඇති අතර එහිදී දෙවන වතාටත් සමූහ මිණීවල ප්‍රධාන මාර්ගය දෙසට හා අතුරු මාර්ගයක් දෙසට  පුලුල් කිරීමෙන් පසුව කැනීම් කයුතු අරඹා ඇත.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,362 Viewers

6 Comments to “මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 300 වාර්ථාවෙයි.. කුඩා ළමුන්ගේ සිරුරු 23 තෙක් ඉහලට…”

  1. Sam says:

    From where these bodies come from?

    Those how are responsible need to be punished.

    • Analyst says:

      May be the bodies of the kidnapped innocient Sinhala civilians in the border villages and also the bodies of kidnapped army soldiers ,who had been murdered by L.T.T. E . terrorists, like they had murdered the surrendered 600 police personnels.

    • කාදිනල් ගොනා says:

      යුධ අපරාද නෙවේ හොඳේ.

  2. Amda says:

    මෙම ස්ථානයේ පොසිල වූ වඩේ පාර්සලයක් තිබූ නිසා මේ ද්‍රවිඩ වැසියන්ගෙ බව අයර්ලන්ත කුමරු දිසානායක විසින් අවධාරණය කරයි 😜😜😜

  3. sathis perera says:

    This may be tsunami body

  4. මේ උබලට හාරන්න ඔයිට වැඩිය හොඳ තැනක් තියෙනවා—කොළඹ බොරැල්ලේ කනත්ත ඔයිට වැඩි ගානක් අනිවාරයෙන් දවසකට ගොඩ දාගන්න පුලුවන්…

Main News