මන්නාරම සමූහ මිණීවලේ සිරුරු 276 ක් හමුවේ.. කුඩා ළමුන්ගේ සිරුරු 21 ක්.. තවත් එකිනෙකට බැඳි අස්ථි හමුවෙයි..
December 12, 2018 at 12:40 pm | lanka C news
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ අද (12) වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉහල ගොස් ඇති අතර එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 21 ක් දක්වා ඉහල ගොස් ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.
එමෙන්ම සමූහ මිණි වල තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් දෙයකින් එක්ව සිටින ආකාරයට බැඳ තිබෙන ආකාරයේ අස්ථි කොටස් කැබලි නැවතත් හමුවූ බවටත් මීට පෙරත් එවැනි අස්ථි කොටසක් හමුවූ බවද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පැවසීය.
වෛද්‍යවරයා පැවසූවේ එලෙස හමුවු අස්ථි කොටස මන්නාරම මහේස්ත්රාත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති අතර, අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් දෙයකින් හෝ ගැටගසා ඇත්ද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළදි වෙනත් ආභරණයක්ද?, නැතිනම් සිමෙන්ති බැදීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.
මේ වන විට දින 116 ක් පුරාවට සිදුකරන ලද කැනීම් වලදී සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 276 කට අදාළ අස්ථි මේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 269 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර මතුවු අස්ථි කොටස් අතර ළමුන් 21 දෙනෙකුගේ යැයි සැක කරන කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී කැනීම් මගින් ඉවත් කරගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේය
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.
මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යුද සමයේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබූ බව රැඳවුම්භාරයේ සිටින ත්රස්තයන් විසින් හෙළිකර තිබෙන බවද වන්නියේ කොටි සිරකඳවුරක සිටි සෙබළුන් 16 දෙනාද එලෙස දම්වැල්වලින් බැඳ තිබූ බවද පසුව ඔවුන්ට වෙඩි තබා මරාදෙමන්නට ඇති බවද එම වාර්තාව මගින් විස්තර කර තිබේ.කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගෙන තිබූ සෙබළුන් පැන යැම වැළැක්වීම සඳහා දම්වැල්වලින් ගැට ගසා තිබියදීම ඔවුන් වළදැමීම පසුපස ම්ලේච්ඡ ඝාතන සිදුවීමක නටබුන් මතුව තිබෙන බවට කථාබහක් මතුව ඇත.
ඒ කියන්නෙ ළමා සොල්දාදුවොත් හමුදාවෙ ඉඳලද? 😀
This is not a joke කාදිනල් උතුමා
මිනීමරු LTTE ත්රස්තවාදීන් මන්නාරමේ පදිංචිව සිටි සිංහල ධිවර ජනතාව පවුල් පිටින් ඝාතනය කළා ..ඊට පසු දෙමළ කොටි ඔවුන්ගේ දේපල අයිති කර ගත්තා මේ ඒ මිනිසුන්ගේ මිනිවල වල් විය හැකියි ….කොටින්ට පන දුන් /දීමට උත්සාහ දරණ UNP පාක්ෂිකයන්ට අතීතය අමතක නම් නැවත මතක් කරගැනීමට මේ මෙලෙච්චේද මිනිස් ඝාතන දෙස බලව් …..ලැජ්ජයි උබලා පිරපාකරන්ගේ වත්මන් කටහඩවූ TNA දෙමල ත්‍රස්තවාදී පක්ෂය සමග හවුල් වීමට දරණ පහත් නිවට එකගතාවය …රට ජාතිය ත්රස්තවාදීන්ට බිලි දීමට දරන උත්සාහය අපි හෙළා දකිනවා ..කොටින්ට සමාව දුන් යහපාලන ආණ්ඩුව කොටින්ගේ මේ මිනිස් ඝාතන ගැන දැන් මොකද්ද කියන්නේ ? කොටි ත්‍රස්තවාදී සමයේ මන්නාරමෙන් අතුරුදහන්වූ සිංහල ජනතාවට සිදු වුයේ කුමක්ද ?
මේ මල සිරුරු මතු වුනේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා ඉවත් කල තැන තිබී නම් මේ සිරුරු ඒ ගොඩනැගිල්ල ඉදි කිරීමට පෙර වැලලූ ඒවා විය හැකියි. සමහරවිට මෙය ඉපැරණි සොහොන් බිමක් විය හැකියි. කාල නීර්ණයකිරීම සඳහා මේ අස්ථි කොටස් යවන්නෙ නැද්ද?