මන්නාරම සමූහ මිනිස් වලේ කැනීම් නැවත අරඹයි… ජර්මන් තානාපතිත් එක්වෙයි..

November 28, 2018 at 8:40 am | lanka C news
මන්නාරම සමූහ මිනිස් වලේ කැනීම් නැවත අරඹයි… ජර්මන් තානාපතිත් එක්වෙයි..

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවල කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව එම ස්ථානයේ කැනීම් කටයුතු නැවත (27)  දින ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවල කැනීම් කටයුතු තාවකාලිකව පසුගියදා නවතා දැමූ අතර, 106 වන දිනට (27) නැවත කැනීම් කටයුතු ආරම්භ කළ බවයි.

මේ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ සමූහ මිනිවල කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ජර්මානු තානාපති ඇතුළු කාර්යාල නිලධාරීන් තිදෙනෙකුට සමූහ මිණිවලේ කැනීම් කටයුතු නිරීක්ෂණකට අවසර ලැබී ඇති බවයි.

සමූහ මිනිවලේ සිදුකල කැනීම තුළින් වර්තමානය දක්වා මිනිස් සිරුරු 235 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 229 කට අදාළ කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද හෙතෙම සඳහන් කළේය.

මුලින් පස් ඉවත්කළ කොටසේ අස්ථි සෙවීමේ කටයුතු මේවන විට මතුකරගෙන පවතින අතර, අදාළ ස්ථායට එපිටින් වන අනෙකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම තෙවන අදියර යටතේ සිදුකරන බවද හෙතෙම පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මන්නාරම නව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා නිලධාරීන් ,මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වයි.

මන්නාරම සමූහ මිනිවළ තුළින් කුඩා දරුවන් 18 දෙනෙකුගේ ශරීරවල කොටස් හමුවි ඇති අතර, අදාළ අස්ථි කොටස් ෆ්ලෝරිඩාවේ රසායනාගාර පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත අතර,ඒ වෙනුවෙන් වන අවසර ලබා ගැනීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩි දුරටත් සදහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2 views

3 Comments to “මන්නාරම සමූහ මිනිස් වලේ කැනීම් නැවත අරඹයි… ජර්මන් තානාපතිත් එක්වෙයි..”

  1. Sidath says:

    It’s funny how mass murderers of jews taking interest in this

  2. david milibanda says:

    Bury the bugger in that same pit.

Main News