මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?

May 6, 2020 at 3:32 am | lanka C news
මත්පැන්  අලෙවිසැල් යලි විවෘත කරයි..?

කොරෝනා වෛරස ව්‍යාප්තිය නිසා මාස දෙකක පමණ කාලයක් තිස්සේ වසා දමා ඇති මත්පැන් අලෙවිසල් නැවත විවෘත කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව ලබන 15 වැනි දින සිට මත් පැන්සල් විවෘත කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

ලබන 11 වැනිදා රටපුරා දෛනික කටයුතු සීමා සහිතව ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් 15 වනදා සිට සුරාසැල් විවෘත කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇත.

කෙසේ නමුත් ජනජීවිතය යථාවත් කිරීම ආරම්භ කිරීමේදී පුද්ගල දුරස්ථභාවය සෞඛ්‍යය නිර්දේශ පරිදි නිසි පරිදි පිළිනොපදින්නේ නම් මත්පැන් අලෙවිසල් නැවතත් දින නියමයකින් තොරව වසා දැමීමටද සාකච්චා වෙමින් ඇත.

මත්පැන් හල් වසා දැමීම නිසා රජයට දිනකට අහිමි වන ආදායම රුපියල් කෝටි 50කට වැඩි වුවද වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ඉතා වැදගත් බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දීම මත සුරාසල් වසා දැමීමට රජය කටයුතු කරනු ලැබීය.

442 views

29 Comments to “මත්පැන් අලෙවිසැල් යලි විවෘත කරයි..?”

  1. Lakmal says:

    තැබෑරුම් ඇරියොත් නං කොරෝනාවෙන් අපි නැත්තටම නැති වෙනව. මේක සොබාදහම දුන්න දඩුවමක් අපිට හැදෙන්න. මේකෙන්වත් හැදෙන්න නැත්නං මහා විනාසයක් වෙන්නෙ.

  2. Ayatollah says:

    In SriLanka the closing of wine stores is a pattern. for a simple reason . We understand the logic of closing on Poya days but for every flimsy reason the wine stores are closed which is violation of democratic rights of the people. Now these stores are closed for more than 40 days and illegal kasiipu is flourishing encouraged by the ministers. Let them carry on their business without government interference which is totally nil in the west

  3. MD says:

    Garu Janapatitumani oya deya gananam warak dewarak nowa 1000 warayak hitha bala katayutu karanna.koti 50ka adayamak ganna kota api duk mahansi wela hamba karagath Mudalen api gewana badu walin hospital walata oaw beela karaganna wipath karadara pawul awul koti 100-200 gewanna wenawa neda? Meka bauda Ratak.Muslim janayath etaram okata tana denne naha.eyath agaya karami

  4. Kalana says:

    Rata Jaathiya winaasha karanne Rajayen mayi…

    • The Citizens says:

      The so called religious and social organisations should organise island wide campaigns to save the younger generation ( thereby the country ) from this liquid and drug menace.

    • Ayatollah.K says:

      We donot consume alcohol . But we donot mind people get addicted to liquor and destroy their families ,there by the nation. We can import and give any amount of alcohol or even drugs either legally or illegally.

  5. චන්දන ගුණවරධන says:

    ඒකත් දේශපාළුවන්ටම හොඳයි මොකද ලංකාවේ සේරම වයින් ස්ටෝර්ස් අරක්කු කොම්පැනි අයිති උන්ටමනේ…..ජොනී ,ලන්සා මහින්දානන්ද ගමගේ වගේ ඵවුන්ට මල්ල කරේ

  6. Love nature says:

    පරංගි ලංකාවට ආපු මුල්ම කාලයේ දිනක් කොටුවේ සිටි සිංහල හේවායින්ට විදෙස් ජාතිකයින් කිහිප දෙනෙක් වෙරළේ සුදුපැහැති ගල් විශේෂයක් කමින්, රතු පැහැති ලේ බොනවා පෙනුනා. ඒ සුදු පැහැ ගල් තමයි පාන්. ලේ විදියට දැක්කේ රතුපාට වයින්. ඒ හමුවුණු පරංගියා නැත්නම් පෘතුගීසි ජාතිකයින් එක්කරන් ගිහින් එවකට කෝට්ටේ රජතුමාට හඳුන්වා දුන්නා. පසුකාලීනව මේ සුරා නිෂ්පාදනය දේශීයව කරන්න ඔවුන් උඩගෙඩි දුන්නා. ලන්දේසීන් විසින් ලංකාවේ වෙරළබඩ පළාතේ පොල් වැව්වා. ඒ එක්කම පොල් වලින් පොල් අරක්කු, පොල් රා නිෂ්පාදනයත් නැගලම ගියා. රොබට් නොක්ස් සහ ඒ සමකාලීනයන් දක්වන විදියට උඩරට සිංහලයා එතරම්ම මතට ලොල් වෙලා තිබුණේ නැහැ. ඒත් සුදු ජාතිකයින් විසින් විවිධ අවස්ථාවල අපේ ජනතාව සුරාවට හුරු කළා.

  7. Love nature says:

    කන්ද උඩරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහටත් විස්කි, අරක්කු හොර පාරෙන්ම සපයන්න ජෝන් ඩොයිලි වැඩ කළා. ඉන් පස්සේ සුරා බීපු ශ්‍රී වික්‍රම රාජසිංහ සුරා මතින්ම විවිධ අවකල් ක්‍රියා කරන්නට වුනා. ඇහැලේපොල කුමාරිහාමි ගිල්වා මැරුවේත්, මද්දුම බණ්ඩාර ගහලයාට හිස දුන්නේත් ඒ සුරාමතින් දුන්න තීරණ අනුව කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අපේ ජනයාට සැර වැඩි මත්පැන් හුුරු කිරීම නම් සුද්දා අතින් වූ දෙයක්ම තමයි.

  8. Love nature says:

    සුරාවේ ආදීනව දැක දුගතියෙන් මිදෙමු…..

    සුරාව පානය කිරීම නිසා පුද්ගලයාට මරණින් පසුව මුහුණ දෙන්නට සිදුවන ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපායසංවත්තනික සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ අනුව සුරාපානයෙහි නිරත පුද්ගලයා මරණින් පසුව
    * නිරය, තිරච්ඡාන, පේ‍්‍රත යන තුනෙන් එකක උපත ලබයි.
    * මනුෂ්‍යයෙකු වුවහොත් උන්මත්තකයෙකු බවට පත්වෙයි (මනුස්සභූතො උන්මත්තක සංවත්තනිකොහොති)

    මෙය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් කරුණු පැහැදිලි කළ යුතුය. සුරාව චතුර්විධ දුශ්චරිත හා සම්බන්ධවන නිසා එය සාමාන්‍ය වශයෙන් ඔබට වටහා ගන්න පුළුවන. බුදුරජාණන් වහන්සේ ගිහියාගේ ප්‍රතිපදාව දක්වමින් මෙසේ දේශනා කළහ.

    ‘ගිහිතෙම සුරාවෙන් වළකින්නේ ය. යම් ගිහියෙක් සුරාපානයෙන් වැලකීමට කැමති වන්නේ ද ඔහු එය උන්මාදය ඇති කරන්නක් බව දැන එයින් තමන්ද වළකින්නේය අන් අයද වළක්වා ගන්නේය’.

    ‘සුරා මදය හේතුවෙන් අනුවණ පුද්ගලයා පව් කරයි. අන් අයත් ප්‍රමාදයට පත්කරයි. පරලොවදී උමතු බවට හේතුවන මෙලොවදී පුද්ගලයා මුලාවට පත්කරන සුරාපානය මෝඩයන්ගේ සිත්ගත් ක්‍රියාවකි. (මෝඩයන්ගේ කාර්යකි) එබැවින් නුවණැති ගිහියා එයින් මුළුමණින්ම වැළකෙන්නේය (සුත්නිපාත ධම්මික සුත්ත)

    බුදුරජාණන් වහන්සේගේ මෙම අවවාදය පිළිපදින සැබෑ බෞද්ධයන් ලොව ඉතාමත් දුර්ලභය. බෞද්ධ යැයි කියාගන්නා බොහෝ දෙනෙක් මෙම පාප කර්මයෙහි තවදුරටත් යෙදෙන අතර එය සාධාරණය කරනු පිණිස නොයෙකුත් කරුණු ඉදිරිපත් කරති. ඒ අය එම ශික්ෂාපදයෙහි අර්ථ විකෘති කරමින් වරද සිදුකරන අතර ධර්මයටත් හානියක් සිදු කරති. මංගල සූත්‍රයේ දැක්වෙන ‘මජ්ජපානාච සංයමො’ යන වචන විකෘති කරමින් මද්‍යපානයෙහි සංවරවීම යනුවෙන් අදහස් ඉදිරිපත් කරති.

    තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ටිකක් පානය කළාට වරදක් නැති බවයි. වැළකීම යන අර්ථය දෙන එම වචනයට වැරදි අර්ථ දක්වමින් පාප කර්මයේ නිරත වෙති. බුදුරජාණන් වහන්සේ පාපය හෝ අකුශල මුළුමනින්ම දුරුකරන්න මිසක් ටිකක් දුරු කරන්න කියා දේශනා කර ;නාමැත.
    මොලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයත් අඳුරු කරගත් පුද්ගලයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළහ. ඒ අනුව සුරා පානයෙහි නිරත පුද්ගලයා දෙලොව පිරිහුණු අයෙකු වශයෙන් දක්වා තිබේ. (අ.නි. 4 සික්ඛාපද සුත්ත) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි පුද්ගලයෙකු පිරිහීමට පත්වන කරුණු වශයෙන් ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම සුරාව කෙරෙහි ලොල්වීම පාප මිත්‍ර සේවනය හා සූදුවට ලොල් වීම ආදිය දැක්වේ. (අ.නි. 8 ව්‍යඝ්ගපජ්ජ සුත්ත) පුද්ගලයා දෙලොවින් පරිහානියට පත්කරන සුරාව එයින් එකක්. එහෙත් සුරාව සම්බන්ධයෙන් සලකන විට සෙසු කරුණු තුනටද එය පදනම් වන බව පැහැදිලියි.

    සුරාවෙන් වළකින පුද්ගලයා කරුණු තුනකින් සමාජයට අභය, අවෛරය හා මෛත්‍රිය දානය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (අ.නි.8 පුඤ්ඤාභිසන්ද සුත්ත) ඒ අනුව සුරාවෙන් තොර පුද්ගලයා තමන් චතුර්විධ දුශ්චරිතයන්ගෙන් වැළකින අතර මුළු මහත් සමාජයටම තමන්ගෙන් කිසිවෙකුටත් බයක් වෛරයක් හා විනාශයක් කිසිසේත්ම සිදුනොවන බවට සහතිකයක් ලබාදෙයි.

    මෙම අගනා සහතිකය සමාජයේ සිටින සියලුම සාමාජිකයන්ට දෙන්නට හැකිනම් එය මොනතරම් සුන්දර සමාජයක් වේද? පවුලක සිටින ස්වාමියාට, බිරිඳට, මවට, පියාට, දරුවන්ට තම පවුලේ එකිනෙකාට එම සහතිකය ලබාදෙන්න හැකි නම් එම පවුල කොතරම් වාසනාවන්ත එකක්ද? මුළු ලෝකයම බියෙන් ඛ්ා වේදනාවෙන් මෙන්ම වෛරයෙන් අසහනයට පත්ව තිබෙන්නේ මෙකී පංච දුශ්චරිතයේම නිරතවන්නන් නිසා නොවේද? අඩුම තරමින් තමන් නිසා කිසිවෙකුටත් අයහපතක් සිදුවන්නේ නැතැයි හිතන්න හැකිනම් එය උසස්ම මෛත්‍රිය පැතිරවීමයි.

  9. Love nature says:

    සුරාව, සූදුව, සත්ව මාංශ අනුභවය පුරුදු කරවා හෙළයා වැනසූ පර සුද්දා මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    අනගාරික ධර්මපාල තුමා …!

  10. mahinda says:

    koti madivata ali

Main News