මනෝ ගනේෂන් අගමැති මහින්ද සමග සාකච්චා..

September 6, 2020 at 10:02 pm | lanka C news
මනෝ ගනේෂන් අගමැති මහින්ද සමග සාකච්චා..

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබේ.

යෝජිත නව ආණ්ඩුකම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කරන ලද විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් ඔහු එහිදී මූලික වශයෙන් අදහස් පළ කර ඇතැයි සඳහන්ය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මනෝ ගනේෂන් මහතාද මෙම සාකච්ඡා කිරීම තහවුරු කළේය.

නව ව්‍යවස්ථාවක් සඳහා සකස් කෙටුම්පතක් සකස් කිරීමට පත් කර ඇති විශේෂඥ කමිටුවට දෙමළ ජනතාවගේ නියෝජනය කරන අයෙකු පත් කරන්නැයි ද ඉල්ලා සිටිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඔහු විසින් ලිපියක්ද යවා තිබේ.

48,343 views
Main News