මනෝ-දිගම්බරන් අමුතු කොටුවක් පනී.. කොළඹට අලියා අතහැර ඉනිමගෙන්..
December 21, 2017 at 1:20 pm | lanka C news
මෙවර පළාත් පාලන මැතිවරණයේදී දමිළ ප්රගතිශීලි සන්ධානය ඇතැම් දිස්ත්‍රික්ක තුළ එක්සත් ජාතික පෙරමුණෙන් තරඟවදින බවත්, ඇතැම් දිස්ත්‍රික් සහ පළාත් පාලන ආයතන තුළ එකමුතු ප්රගතිශීලි සන්ධානය ලෙස තරඟවදින බවත් පක්ෂ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
මහවැලි කේන්ද්‍රයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව නුවරඑළිය, රත්නපුර, බදුල්ල, මාතලේ, කෑගල්ල, කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා දමිළ ප්රගතිශීලි සන්ධානය, එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟවැදීමට නියමිතයි.
කොළඹ මහනගර සභාව සඳහා දමිළ ප්රගතිශීලී සන්ධානය, එකමුතු ප්රගතිශීලි සන්ධානය ලෙස ඉනිමඟ ලකුණින් තරඟවදින බව අමාත්‍ය මනෝගනේෂන් මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.
මේ අවස්ථාවට එක්වූ දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවීමට තමන් කටයුතුකරන බවයි. යහපාලන ආණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසුව වැවිලි ප්‍රජාවට තමන් විශාල වැඩ කොටසක් ඉටුකර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම වංචා, දූෂණ වලින් තොර උගත් බුද්ධිමත් අපේක්ෂකයින් පිරිසක් තමන් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
– අරුණ රත්නායක
Never Believe a Estate Tamil. It is in their Genes. Jaffna Tamils are much more trust worthy and dependable